වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනා වලට එරෙහිව සියලු සෞඛ්‍ය සේවකයන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට !

Published in පුවත්
Friday, 11 June 2021 08:25

වෛද්‍යවරුන්ට පමණක් වැටුප් සහ දීමනා ලබා දීමට එරෙහිව සියලු රෝහල්වල සෞඛ්‍ය සේවකයන් අද (11 වැනිදා) වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සුදානම්ව ඇත.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා සියයකට අධික සෞඛ්‍ය සේවාවන්වල කාර්ය මණ්ඩල සාමාජිකයෝ 75000ක් පමණ සහභාගි වන බව පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපතිවරයා පවසා තිබේ.

ඔහු මේ බව සඳහන් ඊයේ (10 වැනිදා) කොළඹ පැවැති සෞඛ්‍ය වෘත්තිය සමිති කමිටුවේ මාධ්‍ය හමුවේයි. එහි දී ඔහු කියා සිටියේ අද (11 වැනිදා) උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

එබැවින් කොවිඩ් සඳහා ප්‍රතිකාර ගැනීම හැර අත්‍යවශ්‍ය හේතුවක් නොමැති නම් අද (11 වැනිදා) රෝහල් කරා නොපැමිණෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මෙහි දී අදහස් දක්වමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේ විශේෂිත රෝහල් 15ක් සහ කොවිඩ් රෝහල් සහ ආයතන 125 හැර අනෙකුත් රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයෙන් කොවිඩ් ආසාදිතයන් හට කිසිදු අගතියක් සිදු නොවීමට වගබලාගන්නා බවද ඔහු සඳහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us