ආසාධිත ගැබිණි මව්වරුනට ඔබේ උපකාර අවශ්‍යම මොහොතක් !

Published in පුවත්
Tuesday, 25 May 2021 14:02

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සහ කාසල් කාන්තා රෝහලේ ආසාදිතව ප්‍රතිකාර ලබන ගැබිණි මව්වරුන් හා දරු ප්‍රසූතිය කළ මව්වරු ගැටළු කිහිපයකට මුහුණදී සිටින බවට තොරතුරු වාර්තා වේ.

තමන්ගේ නිවෙස්වල සාමාජිකයින් නිරෝධායනයට යොමු කර ඇති බැවින් අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගත නොහැකිව දැඩි ගැටළුවකට මුහුණ දී සිටින බව එම මව්වරුන් සදහන් කරයි.

එම මව්වරුන් පවසන්නේ දරුවන් සදහා කිරිපිටි, බේබි නැපී, බේබී සබන් මෙන්ම චීත්ත සහ බෙඩ්ජැකට් අවශ්‍යව ඇති බවයි.

උදැසන,දිවා හා රාත්‍රි ආහාර වේල පමණක් රෝහලෙන් ලබාදෙන අතර,අතරමැද වේලාවේදි තේ එකක් හෝ මව්වරුන්ට අවශයව තිබේ. දැනට එම රෝහල්වල කාර්ය මණ්ඩලය විසින් මුදල් එකතු කර කිරිපිටි ලබාදීම කරමින් සිටියි.

මේ අතර බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ට ද මේ ආකාරයේම උදව් උපකාර අවශ්‍යව තිබේ.

පහත සදහන් දුරකථන ඔස්සේ අමතා ඔබට උපකාර කල හැකිය ,

ද සොයිසා රෝහලේ මව්වරුන්ට උපකාර කිරීම සදහා අමතන්න….
0112 662 619

කාසල් වීදියේ කාන්තා රෝහලේ මව්වරුන්ට උපකාර කිරීම සදහා අමතන්න….
0112 696 231

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මව්වරුන්ට සහ දරුවන්ට උපකාර කිරීම සදහා අමතන්න….
0112 693 711

සංවේදී හදවතක් ඇති ඔබ අපගේ සහාය අවශ්‍යම වේලාවයි මේ….

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us