මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හිටුවයි !

Published in පුවත්
Tuesday, 25 May 2021 12:34

බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු මහජන පරීක්ෂකවරුන් අද (25) ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය අත්හිටවූ බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය මහතා සඳහන් කර තිබේ.

එම සංගමයේ ලේකම්වරයා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටවූ බවය.

සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව සඳහන් කරයි.

සෞඛ්‍ය සේවයේ නියුතු සෙසු වෘත්තීන් අතහැර සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ කටයුතු කරන වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයන්ට පමණක් ප්‍රමුඛත්වය දීමට එරෙහිව වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු බව ද ඔහු සඳහන් කරයි.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරිය සමග කළ සාකච්ඡාවේ දී අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ට ද එන්නත් ලබාදීමට පොරොන්දු වීම හේතුවෙන් එම වර්ජනය අත්හිටුවීමට කටයුතු කළ බව සංගමයේ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

“ඉදිරිපෙළ කටයුතු කරන වෛද්‍ය නිලධාරීන්ගේ සහ පවුල්වල අයට පමණක් එන්නත් ලබාදීමට එරෙහිව, ඔවුන්ට විතරක් සුවිශේෂ වරප්‍රසාද ලබාදීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටියා.

ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග කළ සාකච්ඡාවේදී ගත් තීරණයත් එක්ක, එම තීරණය වෙනස් කරා තාවකාලිකව. අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ටත් එන්නත් ලබාදීමට පොරොන්දුවීමත් සමග මෙම කටයුත්ත තාවකාලිකව නතර කරනු ලැබුවා.”

-අරුණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us