මතට අබ්බැහි වුවන් සිරගත නොකර පුනරුත්ථාපනය කිරීමට පියවර !

Published in පුවත්
Tuesday, 11 May 2021 12:41

මත්ද්‍රව්‍යයට අබ්බැහි වුවන් සිරගත නොකර පුනරුත්ථාපනය කර, වෘත්තීය පුහුණුවක් ලබා දෙමින් සමාජයට ඵලදායී පුරවැසියන් ලෙස සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා, ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු මීට අනුබද්ධිත විවිධ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද මෙම සාකච්ජාවට සහභාගී වී ඇත.

මත්ද්‍රව්‍ය ගෙන ඒම හා මත්ද්‍රව්‍ය සඳහා තිබෙන ඉල්ලුම අඩු කිරීම සඳහා මේ වනවිටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, මෙම රැස්වීමේදී වඩා අවධානයට යොමු වූයේ මත්ද්‍රව්‍යයට අබ්බැහි වුවන් සිරගත නොකර පුනරුත්ථාපනය කර, වෘත්තීය පුහුණුවක් ලබා දීමයි.

මේ සඳහා ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කිරීමේදී ඔවුන් නිදහස් වී එළියට පැමිණෙන විට දරුණු අපරාධකරුවන් විමත්, වර්තමානයේ අපරාධවලින් 40%ක් අපරාධකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වීමත්, රටේ ශ්‍රමදායකත්වයට එම පිරිසේ දායකත්වය අහිමිවී යාමත් යන කාරණා මත මෙම පිරිස් පුනරුත්ථාපනය කිරීම ප්‍රධාන අරමුණ විය.

මෙම රැස්වීමේදී අපේක්ෂිත ව්‍යාපෘති සැලැස්මක් ඉදිරිපත් කළ අතර, එහිදී බන්ධනාගාරගත කළ යුතු, සමාජගත කළ යුතු හා වෙනත් නේවාසිකව පුනුරුත්ථාපනය කළ යුතු අයවලුන් යටතේ මෙම ව්‍යාපෘති සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බවත් යෝජනා විය. එහිදී වෘත්තීය පුහුණුව සමාජගත කිරීම හා පසුවිපරම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් විය.

මෙම සැලැස්ම සඳහා විධායක හා කළමනාකරණ කමිටුවක් පත් කල අතර, ඊට අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා විවිධ ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් එය නිර්මානය කිරීමට තීරණය විය. මේ කටයුතු සඳහා ස්ථාන හඳුනා ගැනීම, ප්‍රතිකාර පාඨමාලාවක්, වෘත්තීය පුහුණුව, ආරක්ෂාව, සමාජගත වීම හා පසුවිපරම යන කරුණු කාරණා සම්බන්ධවද සාකච්ඡා කෙරිනි.

එසේම දගුකාලීන ඇබ්බැහිවුවන් හා කෙටිකාලීනව ඇබ්බැහිවුවන් ලෙස වර්ගීකරණය කළ යුතු බවත් බොහෝවිට අදාල අයවලුන්ගේ අනන්‍යතාවනය ආරක්ෂා වන පරිදි කල යුතු බව හා Online වැනි තාක්ෂණික ක්‍රම උපයෝගි කරගනිමින් උපදේශන සේවා සැපයීමට මෙම රැස්වීමේ දී සාකච්ඡාවට බදුන් විය.

මෙහිදී තරුණ හා ක්‍රිඩා කටයුතු අමාත්‍යංශය මගින් අවශ්‍ය ස්ථානීය පහසුකම් ලබා දීමට පොරොන්දු වු අතර, උපදේශකයන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙල කඩිනම් කිරිමත් සිදුවිය යුතු බවට යෝජනා විය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us