ඒ අනුව පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් අන්තර් පළාත් මගී බස්රථ ධාවකයින් වෙත සහන ලබාදීමට අදාළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අප්‍රේල් මස 01 වන දින සිට සැප්තැම්බර් මස 31 වන දින දක්වා අධිවේගී මාර්ගයේ තාවකාලික අවසර පත්‍ර ගාස්තුවෙන් සියයට 50ක් පමණක් අය කිරීම හා වාර්ෂික ටෙන්ඩර් ගාස්තුවෙන් සියයට 50ක් පමණක් අය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.
-පංචාලි අබේසේකර