ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනම්න් ගෙන්වීමට පියවර !

Published in පුවත්
Monday, 10 May 2021 11:41

සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මීළඟ සතියේදී ගන්නා බවද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර තිබෙනවා.

ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන ඇඳන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර අතරමැද මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

''අපි ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සහ ඉන්දීය සංචාරකයන් ලංකාවට ගෙන ඒම පිළිබඳව කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ දී තිබෙන උපදෙස් අනුවයි. ඉන්දියාවෙන් සංචාරකයන් ගෙන්වන එක සති දෙකකට තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. අනිකුත් සංචාරකයන් සම්බන්ධවත් විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවට සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ගිය පුද්ගලයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා. ඉදිරි සතියේදී ඒ අයට එන්න බැහැ. සතියකට පසුව සංවිධානාත්මක ආකාරයෙන් ඒ අයව රට තුළට ගෙන්වා ගැනීමට අදහස් කරනවා. ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට අපි ගුවන් තොටුපළ සංවිධානය කරලා තිබෙනවා'' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us