ලබා දෙන සියලු එන්නත් හොද මට්ටමේ !  

Published in පුවත්
Sunday, 09 May 2021 14:17

කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත්කරණය යළි යාවත්කාලීන වී තිබෙන අතර දැනට ලංකාවේ භාවිතා වන සියලු එන්නත් හොඳ මට්ටමේ ඒවා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

හැකිතරම් කාර්ය මණ්ඩල යොදවා සියලුම ප්‍රදේශවලට එන්නත් ලබා දීම සිදුකළ යුතු බවයි අද (09)දින එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ.

මෙවර වෛරස ප්‍රභේදය පැතිර යාමේ සීඝ්‍රතාවය වැඩි නිසා නිසි ලෙස මුව ආවරණය පැලඳිය යුතු බවත් යම් කෙනෙකුට බෝ වී ඇති විටෙක රෝග ලක්ෂණ මතුවීමට දින 05ක් පමණ ගත වන හෙයින් එම කාලය තුළත් රෝගය අන් අයට බෝ විය හැකි හෙයින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

''මෙම වෛරසය බරපතළ ලෙස පෙනහළුවලට හානි කරනවා. අනෙක් දේ තමයි නිව්මෝනියා තත්ත්වය. සාමාන්‍ය නිව්මෝනියාවට වඩා මෙය බරපතළයි. රුධිරය කැටිගැසීමක් එක්ක මේ නිව්මෝනියා තත්ත්වය එන්න පුළුවන්. එවිට වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීම හරිම අපහසුයි. ඔක්සිජන් අවශ්‍යතාව මෙන්ම දැඩි සත්කාර අවශ්‍යතාවය මතුවෙන්නේ එවිට.''

"මේ නිසා හැම පුරවැසියෙක්ම මේ තත්ත්වය තේරුම් ගන්න අවශ්‍යයි. මෙය සුළුවට තකන්න එපා. මෙය පළමු රැල්ල නොවෙයි."

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us