අවුරුද්දට කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන පහසුකම් !

Published in පුවත්
Thursday, 08 April 2021 11:09

අලුත් අවුරුද්දට කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ මගී ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ශෂී වෙල්ගම මහතා සදහන් කර ඇත්තේ, මෙහි විශේෂත්වය වන්නේ කලින් ආසන වෙන් කර ගැනීමේ පහසුකම්ද මගීන්ට සලසා ඇති බවයි.

මේ පිලිබදව අදහස් පළකළ සභාපතිවරයා ,

''අලුත් අවුරුදු සමයේ විශාල පිරිසක් කොළඹ සිට පිට පළාත් බලා පිටත්ව යනවා. මෙසේ ගම්බිම් බලා යන ජනතාවයේ පහසුව උදෙසා හදුනාගත් නගර දක්වා විශේෂ බස් සේවාවක් හෙට සිට ලබන 12 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව පිටකොටුව බැස්ටියන් මාවත අන්තර් පළාත් බස් පර්යන්තයේ සිට මෙම සේවා ක්‍රියාත්මකයි. අදාළ බස් රථ සේවා සම්බන්ධ වැඩි විස්තර සහ ආසන වෙන් කරවා ගැනීම ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් එන් ටී සී බුකින්ග් ඩොට් එල් කේ වෙබ් අඩවියෙන් හෝ මයි බස් ඩෑෂ් එස් එල් ජංගම දුරකතන යෙදවුම මගින් හෝ සිදු කර ගත හැකියි. එසේම බැස්ටියන් මාවත ජාතික ගමනාගමන කොමිෂන් සභා කාර්යාලයට පැමිණීමෙන්ද මෙම පහසුකම් ලබා ගත හැකි'' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us