අක්කර ½ කින් සතියකට රුපියල් 80000 –100000 අතර ආදායම ලබන පැෂන් වගා ව්‍යාපෘතියක්!

Published in පුවත්
Tuesday, 06 April 2021 11:39

ගලේවෙල ප්‍රදේශයේ සාර්ථක පැෂන් වගාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් ඊයේ දින නිරීක්ෂණය කිරීමට එක වී තිබේ.

අක්කර 100 ක ගොවීන් 50 කගේ දායකත්වයෙන් මෙම වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 7ක අධාර, අවශ්‍ය පැළ, බිංදු ජල පද්ධති ,බිම සකස් කර දීම ,තාක්ෂණික උපදෙස් ,සියල්ල රජය සපයන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය (ASMP) මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා මෙහෙයවීම සිදු කරන්නේ.අක්කර භාගයක වගාවකින් සතියකට රුපියල් 80,000 -100000 ක් අතර ආදායමක් ලැබෙන බව මෙම වගාවේ නිරත ගොවීන් අමාත්‍යවරයා සමඟ ප්‍රකාශ කර තිබේ.

දේශීය වෙළඳපොළ තුළත් ,අපනයන වෙළඳපොළ තුළත් පැෂන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා.මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රදේශයේ ද අක්කර 200 ක පැෂන් වගාවක් මේ ආකාරයෙන්ම සිදු කරනවා.
පසුගිය මාසයේ අමාත්‍යවරයා එයද නිරීක්ෂණය කර තිබේ. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ වගා කළ හැකි සියලු දේ මෙරට තුළ වගා කරමින් ,දේශීය කෘෂිකර්මය ගොඩනගමින් , නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල මෙලෙස එකින්එක රජය ඉටු කරමින් සිටින බවයි.

-පංචාලි අබේසේකර

pasin1pashion 2pashion 3pashion 4

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us