මෝල්කාරයන්ට නටන්න හම්බවෙන්නේ නෑ. රටේ හාල් මිල තීන්දු කරන්නේ අපි. - මහින්දානන්ද

Published in පුවත්
Monday, 29 March 2021 10:32

සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 2ක සංචිතය සකස් කළ පසු රටේ සහල් මිල තීරණය කිරීමට මෝල් හිමියන්ට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

මහනුවර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම කන්නයේදී සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 6ක අතිරික්තයක් පළමු වරට පවතින බවය.

‘‘එක එක්කෙනා මාධ්‍යයට ඇවිත් කියනවා හාල් නෑ, හිඟයක් තියෙනවා කියලා. හැබැයි මේක තමයි ඉතිහාසයේ දැවැන්තම අස්වැන්න. අපි 2021 වසරේ හාල් මෙටි‍්‍රක් ටොන් මිලියන 3ක්, වී මෙටි‍්‍රක් ටොන් මිලියන 5ක් නිෂ්පාදනය කරලා තියෙනවා. එහෙනම් ඇයි අපිට බැරි හාල් සාධාරණ මිලට පාරිභෝගිකයාට දෙන්න? දැන් අපි ළඟ තියෙනවා වී මෙටි‍්‍රක් ටොන් 50,000ක්.

මගේ ඉලක්කය ලක්ෂ 2ක සංචිතයක්. අපි ලක්ෂ 2ක සංචිතය හැදුවට පස්සේ ඔය මෝල්කාර එක මහත්තයෙකුට නටන්න හම්බවෙන්නේ නෑ. රටේ හාල් මිල තීන්දු කරන්නේ අපි." යනුවෙන් ද ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us