මෙරට තුළ වාහන එකලස් කිරීමට සහ අමතර උපාංග නිෂ්පාදනයට සැලසුම්

Published in පුවත්
Tuesday, 16 March 2021 12:20

මෙරට තුළ වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත ‍මෙහෙයුම් පටිපාටිය එළිදැක්වීම ඊයේ (15) සිදු කෙරුණා.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ මගපෙන්වීම යටතේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් සකස්කර ඇති වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකදී එළිදැක්වනු ලැබීය.

එහිදී මොටර් රථ එකලස් කිරීම හා මෝටර් රථ අමතර කොටස් නිපදවීම තුළින් දේශීය සහ අන්තර්ජාතික මෝටර් රථ වෙළෙඳපොළ ජය ගැනීම මූලික අරමුණක් බව රජය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙයට ඊට අදාළ නිල වෙබ් අඩවිය එළි දැක්වීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකර ඇත.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ,

"ක්‍රමයක් වෙනස් කරන්න හදනකොට විවිධ බාධක ඇති වෙනවා. නමුත් සාර්ථක ක්‍රමයක් හඳුන්වලා දුන්නාම ඒ හැමෝම වැඩපිළිවෙල සමග එකතු වෙනවා. වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් මීට පෙර තිබුණේ නෑ. මෙය අපේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වෙයි," යනුවෙන් සදහන් කර තිබේ.

"අපි අද එළිදක්වන මේ, වාහන එකලස් කිරීමේ සහ අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් මේ ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන අය වෙනුවෙන් පදනම ස්ථීරසාරව සකස් කිරීම සිද්ධ වෙනවා," යනුවෙන් එම උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us