සෝමාවතිය රක්ෂිතය, කින්නියා ප්‍රදේශය සහ වන්නි ප්‍රදේශය මෙන්ම දිවයිනේ හඳුනා ගත් ප්‍රදේශවල අදාල කඳවුරු ස්ථාපිත කිරීමට උපදෙස් දී ඇති බවයි
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේ.
විවිධ පිරිස් විසින් සිදු කරන වන විනාශයන් අවම කිරීමට යුද හමුදාවේ සහාය ලබා ගන්නා බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් පැවසුවේ, වන විනාශයන් අවම කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නැයි සියලු අංශ වෙත දැනුම් දී ඇති බවය.
-පංචාලි අබේසේකර