නිරවුල් හිමිකමක් නැති රජයේ ඉඩම්වල සිටි පවුල් වෙත දීමනා පත්‍ර

Published in පුවත්
Tuesday, 09 March 2021 10:51

නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

“සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම රජයේ අරමුණයි.
ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි නීත්‍යානුකූලව තෝරාගන්නා ලද 20,000ක් දෙනාට පළමු අදියර යටතේ දීමනා පත්‍ර පිරිනැමුණා.

මේ වැඩසටහන ගොවිතැනින් ජිවත්වන අඩු ආදායම්ලාභීන් සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. ඔවුන්ට ඉඩම්වල හිමිකම පැවරීමෙන් ආදායම් මට්ටම වැඩි කර ගැනීමට ඝෘජු බලයක් සැපයීම රජයේ අපේක්ෂාවයි.
දීමනා පත්‍රලාභීන්ට සිය ඉඩම් නිවසක් තනා ගැනීම, කෘෂිකාර්මික අවශ්‍යතා, වෙනත් භෝග වගා සහ ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගත හැකිය. ඵලදායී ඉඩම් උපයෝජනයෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමට දායකවීම ඉඩම්ලාභීන්ගෙන් අපේක්ෂා කෙරේ.

ජනාධිපතිවරයාගේ ප්‍රදානයක් වන දීමනා පත්‍රය සින්නක්කර ඔප්පුවක් සේ සැලකේ. එය ඇපයට තබා බැංකු ණයක් ගැනීමේ හැකියාව දීමනා පත්‍රලාභීන්ට හිමි වෙයි. මේ වසර අවසානයට පෙර හිමිකම් පත් ලක්ෂයක් දීමට අපේක්ෂා කරන බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
වැඩසටහන සංකේතවත් කරමින් සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් 19 දෙනෙකුට ජනාධිපතිතුමා විසින් දීමනා පත්‍ර ප්‍රදානය කෙරිණ.
ජනාධිපති කාර්යාලය, ඉඩම් අමාත්‍යාංශය සහ මහවැලි අමාත්‍යාංශය එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි.

-පංචාලි අබේසේකර

g1g2g3g4g5g6

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us