මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය බන්ධනාගාරගත නොකර පුනුරුත්ථාපනය කිරීමට සැලසුම්

Published in පුවත්
Saturday, 06 March 2021 10:06

ඉදිරියේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් බන්ධනාගාරගත නොකර පුනුරුත්ථාපනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අමාත්‍යවරයා පවසන්නේ ඊට අදාළ නීති අණපනත් ද සංශෝධනය කිරීමට කටයුතු කරන බවයි.

මේ පිළිබදව අදහස් දැක්වූ අමාත්‍ය සරත් වීරසේකර ,

"ග්‍රෑම් 2ක් තියා ගත්තොත් මරණීය දණ්ඩනය නියම වෙන්නේ. නමුත් සමහර ග්‍රෑම් 2ක හෙරොයින් ක්ෂුද්‍ර බර මිලිග්‍රෑම් 100ක්වත් නෑ. රසපරීක්ෂක වාර්තාව එනකම් අදාළ පුද්ගලයා වසර එකහමාරක් පමණ කාලයක් බන්ධනාගාරයේ ඉන්නවා. ඒ කාලය තුළදී ඔහු දරුණු අපරාධකරුවෙක් වෙලා තමයි එළියට එන්නේ. ඒ නිසා අපි මීට පස්සේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැයි වෙච්ච අයව බන්ධනාගාරගත කරන්නේ නැතුව ඔවුන්ව කෙලින්ම පුනුරුත්ථාපනයට යවනවා. ඒකට නීති සංශෝධනය කරනවා." යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us