මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කරේ.
මුතුරාජවෙල අධි සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පූර්ණ අවධානය යොමු වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මුතුරාජවෙළ තෙත්බිම් අභයභූමිය විවිධ පුද්ගලයින් විසින් අත්පත් කර ගනිමින් නීතිවිරෝධී ලෙස එම පරිසර පද්ධතිය විනාශ කිරීමට පියවර ගෙන තිබුණා.
එය දෙස් හා විදෙස් සංචාරක ආකර්ෂණීය පරිසර පද්ධතියක් දක්වා සංවර්ධනය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.
ලබන වසර අවසන් වනවිට මුතුරාජවෙල පරිසර පද්ධතිය සුරකිමින් එම කටයුතු අවසන් කිරීමටයි සැලසුම.
-පංචාලි අබේසේකර