ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සඳහා බරපතල තර්ජනයක් යළි එල්ල වෙමින් තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් මේ බව සඳහන් කර ඇත්තේ ඔහු නිකුත් කළ 12 වන වාර්තාවෙනි.
ISIL-K ත්‍රස්තවාදීන් 10000-20000 අතර සංඛ්‍යාවක් මේ වන විට ඇෆ්ගනිස්ථානයේ සිටින බවත් ඔහු පෙන්වා දී තිබේ. දකුණු ආසියාවේ අයිඑස්අයිඑල් හිතවතුන් මාර්ගගතව (අන්තර්ජාලය හරහා) බඳවා ගැනීම සහ ප්‍රචන්ඩකාරීන් ලෙස සූදානම් කිරීමේ ප්‍රචාරක ජාලයක්, විශේෂයෙන් මාලදිවයින සහ ශ්‍රී ලංකාව තුළ අනුගාමිකයන් ඉලක්ක කරගනිමින් සිදුවීම ගැන සැලකිලිමත් විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.