කරුණාගේ ප්‍රකාශයට එරෙහි පෙත්සම අහෝසි වේ  

Published in පුවත්
Tuesday, 09 February 2021 15:04

ඉකුත් මහ මැතිවරණ සමයේ යුද හමුදා සෙබළුන් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාඅම්මාන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (09) ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන බෝසෙත් කලෙහෙ පතිරණ විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, කරුණා අම්මාන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශනයක් ආරම්භ කර ඇති බවට දැනුම් දී ඇති බවය.

ඉකුත් මහ මැතිවරණ සමයේ අම්පාර පැවති දේශපාලන රැස්වීමක දී අදහස් දැක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාඅම්මාන් විසින් තමා කොටි සංවිධානයේ සිටියදී එක් රැයක දී හමුදා භටයින් සිය ගණනක් මරා දැමීමට කටයුතු කර ඇති බවට ප්‍රකාශයක් සිදුකළ බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට විමර්ශනයක් ආරම්භ කර ඇති හෙයින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් මතු නොවන අතර එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us