පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට කරන දේ ගැන කැබිනට් තීන්දුව හෙට.

Published in පුවත්
Sunday, 07 February 2021 14:20

පාස්කු ඉරිදා බොම්බ ප්‍රහාරයේ චූදිතයන් කවුද යන්න සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ නිදේශයන් අනුව නම්කර තිබෙන චූදිතයන්ට එරෙහිව ගන්නා පියවරයන් ගැන හෙට දින කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාකර තීන්දුවක් ගැනීමට නියමිතය.

මෙම අවසන් වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට බාර දී ඇති අතර එහි තවත් පිටපත් 7 ක් ඇති බව වාර්තා විය. නමුත් මෙම වාර්තාවේ අඩංගුව මෙතෙක් හෙළිදරව් කර නොමැත. ඇතැම් මාධ්‍ය වාර්තාවකට අනුව එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයට සහ බුද්ධි අංශවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් විසි දෙනෙකුට පමණ එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සහ පොලිස් දෙපාර්තමේන්තු මට්ටමින් දඬුවම් කිරීමට නියමිතය.

එසේම මෙතෙක් මෙම වාර්තාවේ පිටපතක් නීතිපතිවරයා වෙත ලබා දී නැති බවත් හෙට කැබිනට් තීන්දුවෙන් පසුව අවශ්‍ය නීතිමය පියවර ගැනිම සඳහා නීතිපතිවරයා වෙත ලබා දෙනු ඇති බවත් වාර්තාවේ.

පසුගියදා අගරදගුරු මැලිකම් රංජිත් හිමිපාණෝ මෙම වාර්තාව් ප්‍රසිද්ධ කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියෝය.එහෙත් මෙම වාර්තාව තුල අඩංගු රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංවේදී තොරතුරු නිසා මෙය සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ නොකෙරෙනු ඇති බවත් පැවසේ.

කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයෙන් ජීවිතය අහිමි කර ගත් 270 දෙනා සහ තුවාලකරුවන් වෙනුවෙන් යුක්තිය ඉ‍ටු වීම ගැන සමස්ත ලෝකයම මෙම ප්‍රහාරය පිළිබඳ රජය ගන්නා පියවරයන් දෙස බලා සිටිති. එසේම මෙය වත්මන් පාලක පක්ෂයට දේශපාලනික වශයෙන් තදින්ම බලපවත්වන කරුණක් ද වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us