බැංකු ගිණුම් හිමියන්ට නොදන්වා මුදල් අයකර ගත් බැංකු වලට එරෙහිව දැඩි පියවර  

Published in පුවත්
Saturday, 06 February 2021 14:07

ඇතැම් බැංකු ගිණුම් හිමියන්ට නොදන්වා මුදල් අයකර ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයාබලා ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරියේදී බැංකු සදහා නීතිරීති කිහිපයක්ම යෝජනා කිරීමට තමා බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර ඇත.

මේ පිලිබදව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් දැක්වූ අදහස් ,

“ගිණුම් හිමියන්ගේ වැටුප්වලින් නොදන්වා මුදල් අයකරගැනීම් සිදුවෙනවා නම් එය සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. කිසිම කෙනෙකුට තවත් කෙනෙකුගේ ගිණුමකින් සතයක්වත් ගන්න බෑ, ඒ අයට දැනුම්දෙන්නේ නැතුව. මම දන්නවා සමහර තැන්වලදී ඒ වගේ දේවල් සිදුවෙලා තියෙනවා. ඒ දේවල්වලට අපි විරුද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඉදිරියේදී මම යෝජනා කරන්නත් යනවා යම්යම් ආකාරයට පොලී අනුපාතය වෙනස් ආකාරයට වැඩි කරන්නැති වෙන්න, මොකද සමහර අය කියනවා වෙලාවට ගෙව්වෙ නැති නිසා 3%කින් වැඩි කරනවා කියලා වගේ දේවල්. ඒ වගේ දේවල් වැරැදියි. ඒ වගේ දේවල් කරන්න ඉඩ දෙන්න අවශ්‍ය නෑ. ඒ තැන්වලට අවශ්‍ය නීතිරීති ගේන්න අපි බලාපොරොත්තුවෙනවා.”

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us