2020 කිරිපිටි ආනයනය සීමාකිරීමෙන් රු.බිලියන 50 ක ඉතිරියක්

Published in පුවත්
Saturday, 06 February 2021 11:57

ශ්‍රී ලංකාවට 2020 දී ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් (රුපියල් බිලියන 50 කට ආසන්න ප්‍රමාණයක්) විදේශයන්ගෙන් කිරිපිටි ආනයනය නොකිරීමෙන් ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ. මෙය COVID-19 වසංගතය හේතුවෙන් අත්කරගත් වැදගත් ධනාත්මක තත්වයකි. රේගු දත්ත වලට අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව සීමිත ප්‍රමාණයකින් කිරිපිටි ආනයනය කර ඇති නමුත් මෙරට නිශ්පාදිත කිරි ආහාරවලට වැඩි උනන්දුවක් ජනතාව තුළ දැන් වර්ධනය වෙමින් තිබේ.

.

වෙනදා විදේශයන්ට ඇදී ගිය රුපියල් බිලියන 50 ක් ඉතිරිකර ගැනීමට හැකිවීමෙන් දේශීය ගොවීන්ට ඔවුන්ගේ ඒක පුද්ගල ආදායම වැඩි කිරීමට හේතුවක් මෙන්ම මේ දුෂ්කර කාලපරිච්ඡේදය තුළ විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීමට හැකිවීම විශේෂවාසියකි.

COVID-19 මානව වර්ගයාට හා ආර්ථිකයට අහිතකර සාධක රාශියක් ඇතත්, එහි අතුරු ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාව අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා කිරි වලින් ස්වයංපෝෂිත වීමට යොමු වී ඇති බව පැල්වත්ත කිරි සමාගමෙහි නිර්මාතෘ සහ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා පැවසීය. 2022 සඳහා කිරිපිටි ආනයනය සිදු නොවන බවත් ඒ වන විට ශ්‍රී ලංකාව කිරිපිටි කර්මාන්තයේ රටාව වෙනස් කර කිරිපිටි අපනයනය කරන ලොව ප්‍රමුඛ රටවල් සමූහයට එකතුවනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කරයි.

කිරි ගොවීන්ගේ ඉපැයීම් වැඩි කිරීමට රජය ගෙන තිබෙන පියවර අනුව පසුගිය වසරේදී දේශීය නැවුම් කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර නව ව්‍යවසායකයින් ගනනාවක් දේශීයව නිපදවන කිරිපිටි සහ නැවුම් කිරි ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇති බව වික්‍රමනායක මහතා පවසයි. දේශීය ගොවීන්ට ලබා දෙන නැවුම් කිරි මිල ද ඉහළ ගොස් තිබේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල නැවුම් කිරි ලීටරයකට රුපියල් 130 ක් ලබා දෙන අතර මෙම මිල රු. මීට වසර දෙකකට පෙර ලීටරයකට 90 කි. එමඟින් ස්වයං රැකියාවක් ලෙස කිරි නිශ්පාදයට ආයෝජනය කිරීමට වැඩි පිරිසක් උනන්දු කරවීමට හේතුවක් වී ඇත. වර්තමානයේ දේශීය ද්‍රව කිරි සැපයුමෙන් 85% ක් කුඩා පරිමාණ කිරි ගොවීන් සතුය.

කෙසේ නමුත් දැනට මෙරට කිරි දෙනුන් මිලියන 1.3 ක් සිටියද කිරි නිපදවා ලබා දෙන්නේ දෙනුන් 240,000 ක් පමණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us