සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නි ආරච්චි කොවිඩ් එන්නත ලබා දීමේදී මුලිකවම ලබාදිය යුතු කාණ්ඩ සදහන් කර පරිදි මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි ඇය සදහන් කරේ.
මේ අතර ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 03 ක් වාර්තා වූ අතර ඒ සමග කොරෝනා ආසාදිතව මෙරටදී මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 232 ක් බව, සෞඛ්‍යය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා .ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 536 ක් හඳුනා ගෙන තිබේනවා.
ඒ අනුව, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48380 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,325 ක් ලෙසයි දැක්වෙන්නේ.
-පංචාලි අබේසේකර