කුරුණෑගලට අති නවීන ශික්ෂණ රෝහලක්....!

Published in පුවත්
Monday, 11 January 2021 09:34

කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන රෝහලක් ලෙස අලුතින්ම ඉදිකිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති හමුවේදීය.

අලුතින් නව රෝහල ඉදිකර අවසන් වන තුරු කුරුණෑගල මහ රෝහලේ පවතින වෛද්‍ය, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය වහා ම පියවන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චිට උපදෙස් දී තිබේ.. ඒ අනුව මසක කාලයක් තුළ කුරුණෑගල රෝහලේ පවතින වෛද්‍ය, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය පියවන බව සෞඛ්‍ය ඇමැතිතුමිය පවසා ඇත.

වසරකට රෝගීන් මිලියන 1.2ක් පමණ මෙම රෝහල මගින් ප්‍රතිකාර ලබන අතර 2019 දත්ත අනුව එම වසරේ දී බාහිර රෝගී අංශයෙන් පමණක් ප්‍රතිකාර ලබා ඇති රෝගීන් ගණන හය ලක්ෂ තිස්දහසකි. මාසික නව දරු උපත් 1000ක් පමණ එහි සිදු වේ.

කොළඹ ජාතික රෝහලට හා මහනුවර රෝහලට පමණක් දෙවැනි වන කුරුණෑගල මහ රෝහල මෙරට තෙවැනි විශාලතම රෝහලයි. ඇඳන් 2374 කින් සමන්විත රෝහලේ වසරකට ශල්‍ය කර්ම 18000 කට ආසන්න සංඛ්‍යාවක් සිදු කරයි. ශල්‍යාගාර 06ක් පමණ යොදා ගනිමින් මෙම ඉලක්කය සපුරන බව කුරුණෑගල රෝහලේ වැඩබලන අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා එහිදී පවසා තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us