ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික ධුරාවලියෙන් බැහැරව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම විශේෂත්වයක් බවයි කොළඹ තානාපති ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පැතිර යන කොවීඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ තිබෙන එන්නත ශ්‍රී ලංකීය ජනතාවගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා ලෙසයි .
එසේම කොවිඩ් වසංගතය හමුවේ කලාපයේ සියලු රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින මේ අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීම අවශ්‍යව ඇතැයිද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී සදහන් කර ඇත.