මහර ගැටුම සම්බන්ධයෙන් කමිටුව ලබා දුන් යෝජනා හැකි ඉක්මණින් ක්‍රියාත්මකයි

Published in පුවත්
Thursday, 31 December 2020 10:38

මහර ගැටුම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ලබා දුන් වාර්තාවේ සඳහන් යෝජනා හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ, එම වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කරන බවත් එම වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ලේකම්වරයා සඳහන් කර තිබේ.
මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව, කමිටුවේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට ඊයේ පස්වරුවේ භාර දුන්නේ ය.
පසුගිය මස 29 වැනි දා පත් කළ කමිටුවට සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදීම සඳහා මසක කාලයක් ලබා දී ඇති බවත් වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us