දින 11 ක් තුළ රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 50ක් දක්වා ඉහළට

Published in පුවත්
Thursday, 31 December 2020 09:54

පසුගිය විසි වනදා සිට සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් පනස් දෙනෙකු මියගොස් තිබෙන අතර එකසිය තිස් දෙදෙනෙක් (132) බරපතල තුවාල ලබා තිබෙනවා.

රජය මෙම රිය අනතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන අතර බීමත් හා අපරික්ෂාකාරි රියදුරන් 1398 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිස්පතිවරයා සදහන් කරන්නේ.

රිය අනතුරු මගින් ශ්‍රිලංකාවේ වසරකට මියයන සංඛ්‍යාව අතිමහත්ය. ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් අනතුරු සිදුවන්නේ දෙසැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුල බවයි සමීක්ෂණ වාර්තා මගින් හෙළිවී ඇත්තේ. ශ්‍රීලංකාව තුළ රිය අනතුරු යනු ඉතා සුලබව භාවිතා වන වචනයක් වුවද ලොව බහුතරයක් දියුණු රට වල රිය අනතුරු යනු ඉතාම කලාතුරකින් ඇසෙන දුර්ලභ වචනයකි. එයට හේතුව වී ඇත්තේ මාර්ග නීති පද්ධතීන් සම්බන්ධව එම රටවල් දැඩි නීති ක්‍රියාත්මක කිරීම සහ මාර්ග පද්ධතීන් සම්බන්ධව ඉතා දියුණු ක්‍රම වේදයන් අනුගමනය කිරීමය. කෙසේ වුවද ලංකාවේ පවතින මෙම මාර්ග අනතුරු වළක්වාලීමට වත්මන් ජනාධිපතිතුමාට ඇත්ත උවමනාවක් ඇති බව පෙනී යන්නේ ඊට අදාලව පොලිස් මෙහෙයුම් රට පුරා දියත් කිරීමත් සමගය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us