ඉරාන ගුවන් අනතුරින් 48ක් මරුට

Published in පුවත්
Sunday, 10 August 2014 20:16

ඉරානයේ ටෙහෙරාන් අගනුවර ආසන්නයේ පිහිටි නාගරික පෙදෙසක ඉහළ අහසේ පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් අනතුරට ලක් වී තිබේ.

අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් කාර්යමණ්ඩලයේ අට දෙනෙකු සහ මගීන් හතළිස් දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වේ.

අනතුරට ලක් වූ යානයේ මෙහෙයුම් කටයුතු සිදු කර ඇත්තේ ගෘහස්ථ මගී සේවා සපයන සෙපහාන් නමැති ගුවන් සමාගමයි.

ගුවන් යානය, මෙහ්රාබාද් ගුවන් තොටුපලේ සිට ඊසාන දිග ඉරානයේ ටබාස් නගරය බලා පියාසර කිරීම අරඹා සුළු වෙලාවකින් අනතුරට ලක් වී තිබේ.

අනතුරට හේතු වූ කරුණු සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසෙයි.

ගුවන් යානය ගුවන්ගත කිරීම සිදු කෙරෙන අවස්ථාවේදී යානය නියමුවාට පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා මෙම අනතුර සිදුව ඇති බව සමහර  විදෙස් මාධ්‍ය වාර්තා පවසති.

ගෙවුණු වසර කිහිපය ඇතුළත ගුවන් අනතුරු ගණනාවක් ඉරානයෙන් වාර්තා විය.

දුර්වල නඩත්තු සේවා සහ පැරණි ගුවන් යානා ප්‍රයෝජනයට ගැනීම ඊට හේතු වී තිබේ.

accidaent6

Last modified on Sunday, 10 August 2014 20:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us