පකිස්ථාන කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 180ට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දිනය අවසානය තුළ ලකුණු 99ක් රැස්කර ගැනීමට අවශ්‍ය වි තිබුණි.
ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩාමට ඉතා ප්‍රවේගකාරී අයුරින් ක්‍රීඩා කළ අතර එහිදී අඟනා පිතිහරඹයක යෙදී සිටි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 13 තුළ ලකුණු 25ක් ලබා ගන්නා ලදී.
මෙම තරගය මහේල ජයවර්ධන ගාල්ලෙදී ක්‍රීඩා කරන අවසන් තරගය වූ හෙයින් ඔහුට ලබාදිය හැකි උපරිම තෑග්ග ලබාදීමටත් මෙම ජයග්රහණයෙන් පසුව කණ්ඩායම සමත්විය.
තරගයේ අවසන් ලකුණ ලබාගැනීමෙන් අනතුරුව ගාල්ල ජාත්‍යන්තර පිටියට වර්ෂාව පතිතවීමද ආරම්භවිය.
ලකුණු පුවරුව මෙතනින්