ලොව හොඳම සංචාරක දූපත ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

Published in පුවත්
Wednesday, 16 December 2020 12:42

ඔස්ට්‍රේලියාවේ එස්කේප් (Escape) ආයතනය විසින් සංචාරකයන් වෙනුවෙන් වූ ලොව හොඳම දූපත ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

එස්කේප් (Escape) යනු ඔස්ට්‍රේලියාවේ අංක එකේ සංචාරක සන්නාමය වන අතර එය නිවාඩු නිකේතන, සුවිශේෂී ගනුදෙනු, උපදෙස්, ප්‍රවණතා හා ප්‍රවෘත්තිවලින් සංචාරකයන්ට තොරතුරු ලබාදෙන ආයතනයක් ලෙස හැදින්විය හැකිය.
ශ්‍රී ලංකාව අංක එකේ ගමනාන්තය ලෙස නම් කරමින් එස්කේප් ආයතනය මෙසේ ප්‍රකාශ කර තිබේ.‘‘ශ්‍රී ලංකාව 2019දී ලෝන්ලි ප්ලැනට් (Lonly Planet) විසින් ලොව ප්‍රමුඛතම ගමනාන්තය ලෙස නම් කරන ලදී. නමුත් ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් රටේ සංචාරක කර්මාන්තය විශාල ලෙස පීඩාවට පත්විය.
කෙසේ වෙතත් දැන් තත්ත්වය වෙනස් වෙමින් පවතී. මෙවර එය ශ්‍රී ලංකාව වෙනුවෙන් සංචාරකයන් ඡන්දය ප්‍රකාශ කර තිබේ. සංචාරය හා සුවපහසු ගිමන් නිවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අංක එකේ දූපත ලෙස නම්කර ඇත.
වෙරළ තීරය සහ සමුද්‍රීය ජාතික උද්‍යාන කීපයක්ම රට සතුව පවතින අතර එය සෑම කිමිදුම්කරුවකුගේම සිහිනයකි.
අලි ඇතුන්, දිවියන් සහ වඳුරන් වාසය කරන වනාන්තර සහ තේවතු සහිත ශ්‍රී ලංකාව සුඛෝපභෝගී නවාතැන් පිරිනැමීම සහ රසවත් ආහාර පිළිබඳව ද ප්‍රමුඛයකු වේ’’

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us