භාණ්ඩ දවටන සැක සහිතයි

Published in පුවත්
Sunday, 10 August 2014 09:08

පාරිභෝගික කටයුතූ පිළිබඳ අධිකාරිය මගින් පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සඳහා පමණක් දවටනයක් හඳුන්වාදීමට යාම සැක සහිත බව පාරිභෝගික ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය පවසනවා.

එහි ලේකම් ඉන්දික ගමගේ විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

පාරිභෝගික භාණ්ඩ සඳහා දවටනයක් යෙදීම සැක සහිත වංචාවකි

පාරිභෝගික කටයුතූ පිළිබඳ අධිකාරිය මගින් පාරිභෝගික භාණ්ඩ කිහිපයක් සඳහා පමණක් දවටනයක් හඳුන්වාදීමට යාම සැක සහිත වංචාවක් බව අපි ප්‍රකාශ කරමු. අධිකාරිය මගින් පාරිභෝගික අයිතීන් වෙනුවෙන් යැයි පවසා පෞද්ගලික ව්‍යාපාරික හිතවතූන් සන්තර්පණය කිරීමට යාම වහාම නවත්වන ලෙසට බල කරන අප සන්ධානය , පාරිභෝගික අයිතීන් සුරැකීමට කිසිදු සාධනීය වැඩපිළිවෙලක් සකස් කිරීමට හැකියාවක් නොමැති අධිකාරිය ජනතා මුදල් විනාශ කරමින් කොන්ත්‍රාත්කාරයන් පිනවීමට ගන්නා උත්සාහයට එරෙහිව දැඩි පියවර ගන්නා බවද තවදුරටත් දැනුම් දීමට කැමැත්තෙමු.

අධිකාරියේ ඉතිහාසය පුරා සිදුකර ඇත්තේ පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පැලැස්තර විසඳුම් යොදමින් කාලය ගෙවීමත් මාධ්‍ය සංදර්ශණ මගින් තම නාමය රැකගැනීමේ ව්‍යාජ උත්සාහයක යෙදීම පමණක් බව මුළු රටම දන්නා කාරණයකි.

මෙම ගණුදෙනුව පිළිබඳ අතිගරු ජනාධිපතිතූමාගේ් සෘජ්‍ර අවධානය යොමු කරන ලෙස ඉල්ලන අප සන්ධානය රට තූළ පාරිභෝගික අයිතීන් වෙනුවෙන් සිටින එකම රාජ්‍ය ආයතනය සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් අකර්මණ්‍ය වූ මෙම ආයතනය වෙනුවෙන් ක්‍රියාශීලී නිළධාරියකූ යටතට වහාම පත් කිරීමට මැදිහත් වන ලෙසට ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ඉන්දික බෙල්ප ගමගේ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us