ඩිල්ෂාන් සජිත්ට දාපු තොන්ඩුව - සම්පුර්ණ කතාව Featured

Published in පුවත්
Tuesday, 29 October 2019 19:34

මම ඒ තරම් දිග කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකට හේතුව තමයි අපේ රටේ දේශපාලන වේදිකාවල කරපු කතා හරියට වුණා නම් මේ රට මේ වෙනකොට කේතුමතියක් කියලා මම විශ්වාස කරනවා. එහෙම දේවල් අපේ රටේ වෙලා නැහැ.

ඒ නිසා මම හරි කැමතියි මට කියන්න තියෙන දේ අමුවෙන් කියලා මෙතනින් බැහැලා යන්න මට ගන්න දෙයක් නැති නිසා. ආදරනීය සහෝදරවරුනි ලංකාවේ තැන් කිහිපයකම සජිත් මහත්තයා ජනාධිපති කරන්න ඕනේ කියලා සමුළු කීපයක් තිබ්බා. ඒ සමුළු කීපයකම මම කතා කරලා තියෙනවා. ඒ මම කතා කෙරුවේ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඔබට. මම අද බලාපොරොත්තු වෙනවා ඔබ වෙනුවෙන් සජිත් ප්‍රේමදාසට කතා කරන්න.

ජනාධිපති අපේක්ෂකතුමනි!
මම මේ කතාව මෙහෙම පටන් ගන්නම්. මේක හරිම දුප්පත් රටක් මේ අත්පුඩි ගහන හැමෝම හරිම දුප්පත් ඒක තමයි ඇත්ත. ලංකාවේ දේශපාලනය ඇතුලේ අන්තිම අවුරුදු 25 ටම එකම රාජ්‍ය නායකයෙක්වත් හරියටම මේ දුප්පත් කමට කතා කරේ නැහැ. ඒගොල්ලන්ට කතා කරන්න විවිධ මාතෘකා තිබුණා. යුද්ධය තිබුණා, සාමය තිබුණා, දූෂණය තිබුණා, භීෂණය තිබුණා, යහපාලනය තිබුණා. මේ හැම දේම තිබුණා කතා කරන්න. ඒවා සාධාරණයි කතා කරපු එක නමුත් දුප්පත් කම ගැන කතා කරේ නැහැ.

අවුරුදු විසි පහකට පස්සේ අපිට පේනවා මේ රටේ සජිත් ප්‍රේමදාස දුප්පත් කමට කතා කරනවා. ඒක හොඳයි, මොකද ඔය හැම ප්‍රශ්නයක් අස්සෙම තිබුණේ දුප්පත්කම. මේ රටේ මිනිස්සු යුද්ධ කරේ දුප්පත් කම හින්දා වෙන මොනවත් නිසා නෙවෙයි. උන් බඩගින්නට යුද්ධ කරේ, විරැකියාවට යුද්ධ කරේ, හැම කැරැල්ලකටම මූල් වුණේ දුප්පත්කම. ඒකට බෙහෙත් දෙන්න ඔබතුමා තීරණය කරපු එක හොඳයි. නමුත් අපි මේකේ සලකා බලන්න ඔ්නේ කාරණා දෙකක් තියෙනවා.

මම දන්නේ නැහැ මේක ඔබතුමා‌ගේ දේශපාලන උපක්‍රමයක්ද කියන එක මේ රටේ දුප්පත් මිනිස්සුන්ට කතා කරන එක. මෙච්චර කාලෙකට ලංකාවේ දේශපාලකයෝ ඇඩ්ඩ්‍රස් නොකරපු තැනකට කතා කරපු එක ඔබතුමාගේ දේශපාලන උපක්‍රමයක්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඔබතුමා මේ රටේ ජනාධිපති වුණොත් ජනාධිපති වෙන්නේ මේ දුප්පත් මිනිස්සුන්ගේ ඡන්දයෙන්. වෙන ඡන්දෙකින් නෙවෙයි. එහෙම වුණොත් මේ රටේ දුප්පත් මිනිස්සු පළවෙනි වතාවට ජනාධිපති කෙනෙක් හදනවා නැවත වතාවක්. ඒක සතුටට කාරණාවක්. ඒක කණගාටුවට කාරණාවක් වෙන්නේ මෙන්න මේකයි ජනාධිපති අපේක්ෂකතුමනි ඔබතුමා ජනාධිපති වෙන්නේ මේ රට දුප්පත් හින්දා.

අවුරුදු හැත්තෑවක දේශපාලන ඉතිහාසයක් කතා කරපු රටේ අදටත් අපිට කතා කරන්න වෙලා තියෙන්නේ දුප්පත්කම ගැනනම් ඊළඟ ජනාධිපතිවරයා හදන්නෙත් දුප්පත්කම මාකට් කරලා නම් අපේ රටේ දේශපාලනය ගැන තරුණයෝ විදහට නම් කිසිසේත්ම සතුටු වෙන්න බැහැ. ඒ නිසා දුප්පත් කමට බෙහෙත් දීලා ඔබතුමා ජනාධිපති වුණොත්, 2025 ජනාධිපති වේදිකාවට සජිත් ප්‍රේමදාස එන්නේ ආයිත් දුප්පත්කමට බෙහෙත් දෙන්න නම් සජිත් ප්‍රේමදාස අසාර්තකයි. ඒ නිසා ඔබතුමාට සැරට බෙහෙත් දෙන්න සිද්ධවෙනවා. තවදුරටත් මේ රටේ ජාතික තාරුණ්‍ය රවට්ටන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. ඒ නිසා ඔබතුමාට මේ පාර ඇත්ත කරන්න සිද්ධ වෙනවා. කොටින්ම කිව්වොත් නොවැම්බර් 16 වෙනිදා ඔබතුමා ජනාධිපති වුණොත් 17 වෙනිදාට සැප ගන්න රටක් ඔබටවත් මටවත් ඉතුරු වෙලා නැහැ ජනාධිපති අපේක්ෂකතුමනි ඒ නිසා පැහැදිළිවම වැඩ කරන රටක් හදන්න ඔබතුමාට සිද්ධ වෙනවා. ඒක පළවෙනි කාරණාව ඒ තරමට අපි දුප්පත්. කොච්චර දුප්පත්ද කිව්වොත් මේ රටේ උපදින්න ඉන්න දරුවා පවා ණයකාරයෙක් වෙලා ඉවරයි. ඒ තත්වය එහෙම වුණත් අපි තවමත් අවුරුදු දෙදහස් පන්සියයක වංසේ කබල් ගාමින් ඉන්නවා. අපි හරි ප්‍රෘඩයි හැබැයි දුප්පත්.

ඔබතුමා ඇඩ්ඩ්‍රස් කරපු තැන හරි හැබැයි එතනට හරියට ට්‍රීට් කරන්න ඔ්නේ. තවදුරටත් මේ රට දුප්පත් වෙනවා නම් ඔබතුමා අසමත්. මගේ අනිත් කාරණාව ලංකාවේ දේශපාලනය තුළ හරිම ජනප්‍රිය කාරණාවක් තියෙනවා ඒ තමයි පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහම එපා කියන එක. පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහම එපා කියන එක කවුරුහරි ඇඩ්වටයිසින් කම්පැනි එකකින් හදපු කතාවක් කියලා මේ රටේ හැමෝටම තේරෙන්නේ නැහැ.

නමුත් ඒක තේරෙන පිරිසක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ 225 අයින් කරා කියලා සහෝදරවරුණි එතනට යන්නේ ඔබවත් මමවත් නෙවෙයි. ඒකට යන්නෙත් ඒ හිතවත් අයම තමයි. ඒ නිසා 225 අයින් කරලා ඒකට වෙන ඔප්ෂන් එකක් නැහැ. හැබැයි ඔකෙන් අයින් කරන්න ඔ්න සීයක්වත් ඉන්නවා ඉතින් පැහැදිළිවම. මේ රටේ මහජන මුදල් කොල්ලකන, මේ රටේ ජනතාවට බොරු කියන 100 ක් වත් ඉන්නවා පාර්ලිමේන්තුව පැත්තපළාතකට වැද්දගන්නවත් හොඳ නැති එවුන්. ඒ නිසා ඒ 100 යත් පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න ඔබ තුමාට වැඩ කරන්න සිද්ධවෙනවා. ඒක හොඳයි ඇබැයි ඒකේ කණුගාටුදායක කාරණාව මෙන්න මේකයි. එහෙම සීයක් ඉන්නවා නම් ඒ සීයෙන් පනහක් කැමති ඔබතුමා ගාවට එන්න. ඒ නිසා ඒ සීයෙන් පනහත් ඔබතුමා අයින් කරන්නට ඔ්නේ.

ඔබතුමා මේ රටට පොරොන්දුවක් දෙන්නට ඔනේ ඊළඟ පාර්ලිමේන්තුවට නාමයෝජනා දෙනකොට හොරුන්ට නාමයෝජනා දෙන්නේ නැහැ කියන පොරොන්දුව. මේක දීල දීල ඇතිවෙලා තියෙන්නේ.හැබැයි විශ්වාසයෙන් මේ පොරොන්දුව දෙන්න ඔ්නේ.ඒ වගේම මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වෙන එකෙකුටවත් නාමයෝජනා දෙන්නේ නැහැ කියන පොරොන්දුව දෙන්න ඔබතුමාට හයිය තියෙන්නට ඔනේ. ඒ වගේම මේ රටේ මේ අත්පුඩි ගහන මේ හුරේ කියන මේ කොල්ලො කෙල්ලෝ බදු ගහලා බස්වල කෝච්චිවල අමාරුවෙන් යද්දී මේ රටේ මැති ඇමතිවරුන්ට අලුත් වාහන අරන් දෙන්නේ නැහැ කියන්න ඔබතුමාට පුළුවන් වෙන්න ඔ්නේ.ඒක තමයි මේ රට ඉතාම සත්භාවයෙන් බලාපොරොත්තු වෙන කාරණාව.

එහෙම නැතුව හොරු රැළක් එක්ක ඉස්සරහට යන්න දේශපාලන සංස්කෘතියක් ඔබතුමා නිර්මාණය කළොත්, ඔබතුමා රණසිංහ ප්‍රේමදාසගේ පුතා නෙවෙයි බන්දුල ගුණවර්ධන කියන විදිහට සක්කරයගේ පුතා වයිමා වුණත් මේ රට ඉස්සරහට ගෙනියන්න ඔබතුමාට බැහැ.ඒ නිසා මේ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කරන්න. ඔබතුමා කරන්නේ මොනවද කියන එක අපිට මේ ප්‍රඥප්තිය වෙලාවේ පැහැදිළිව කියන්න ඔ්නේ. ඒක ඉතා විශේෂයි. මිට වඩා දුරදිග කතාවක් කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. තව එක කාරණාවක් තියෙනවා. ඒ කාරණාව විතරක් මතක් කරනවා. ම‌ගේ කළ්‍යාණ මිත්‍ර එරන්ද මීටවඩා දෙයක් කියපු නිසා හිතනවා මේ ගැන කියන්න හොඳයි කියලා.

ලංකාවේ දේශපාලන වේදිකාවල මේ දවස්වල උණු කැවුම් වගේ විකිණෙනවා, ජාතිය, ආගම, සහ දේශප්‍රේමය. ඒවා හරි අඩුමිලට අරපැත්තේ කඳවුර තුළ විකුණනවා. ඒක නිසා මේකට ටිකක් බරපතල විදිහට උත්තර දෙන්න ඔබතුමාට සිද්ධවෙයි.

මම මෙහෙම කියන්නම්. ආගමට උත්තර දෙනකොට ජනාධිපති අපේක්ෂකතුමනි, හැම පන්සලක්ම නඩත්තු කරන එක ඔබතුමා‌ගේ යුතුකම වෙන්නේ නැහැ. මේ වෙලාවේ ඒකත් නෙවෙයි රැල්ල. බුදු හාමුදුරුවෝ කියපු බණට පිටින් වෙනත් බණක් ලොකු හාමුදුරුවෝ කියනවා නම් ඒ ලොකු හාමුදුරුවන්ට අමුතු වරප්‍රසාදයක් දෙන්න ඔ්නේ නැහැ දේශපාලන පක්ෂය මොකක් වුණත්. බුදුහාමුදරුවෝ කිව්වේ මෛත්‍රිය නම් හාමුදුරුවෝ වපුරන්නේ වෛරය නම් ඒ පන්සලට දේශපාලන බලපෑමක් තියෙනවා නම් ඒ පන්සල නඩත්තු කරන්න ඔ්න නැහැ. ඒකයි ඇත්ත කතාව.

අපිට ඔ්නේ අවංක බෞද්ධ සමාජයක් නිර්මාණය කරන්න. මේ සමාජය බෞද්ධ කරනවා කියන්නේ මිනිසුන්ගේ හදවතේ බුද්ධාගම රජ වෙන්න ඔ්නේ. නැතුව හාමුදුරුවන්ගේ වාහනේට වීඅයිපී ස්ටිකර් එක හදලා වැඩක් නැහැ. එහෙම වැදුනා කියලා මේ රටේ බුදුදහමට කිසිම ප්‍රගතියක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගකිමත් ඔබතුමා බාරගන්න ඔ්නේ. පන්සල විතරක් නෙවෙයි, පල්ලිය ඇතුලේ අන්තවාදය වැහිවහනවා. මේක අරාබි කොළනියක් කරන්න අවශ්‍ය අය එහෙත් ඉන්නවා මෙහෙත් ඉන්නවා. ඒ නිසා ඒ සියලු දෙනාට සෘජුව උත්තර දෙන්න ඔබතුමාට පුළුවන් වෙන්න ඔ්නේ. ඒ නිසා තවදුරටත් මේ රටේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා නම් අපි හීන මිලදී ගන්න සූදානම් නැහැ.

මම අවසාන වශයෙන් කියන්නේ, එරන්ද කිව්වා මේ දකුණු ආසියාවේ පළවෙනි වතාවට, ලංකාවේ පළවෙනි වතාවට අපේක්ෂකවරයෙක් ප්‍රඥප්තියකට අත්සන් කරන්නේ කියලා. ඒක හොඳයි නමුත් මේ ප්‍රග්ඥප්තියේ ඔබතුමා දෙන පොරොන්දු කැඩුවොත් සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙලා හිටියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් රැකවරණය නොලබා අවශේෂ කිසිදු නීතියකින් රැකවරණය නොලබා සජිත් ප්‍රේමදාසට විරුද්ධව නඩු දාන්න අපිට අයිතිය ඔ්නේ.

ඒ නිසා ඔබතුමා එකතැනකදී කිව්වා, යුද්දේ කරේ කවුද කියලා ඇහුවම එක අපේක්ෂකයෙක් කිව්වනේ මම නෙවෙයි කියලා. ඔබතුමා ඒ කතාව අහලා ප්‍රසිද්ධියේ කිව්වා ඔ්න තොන්ඩුවක් මම බෙල්ලේ දාගන්නවා රට වෙනුවෙන් කියලා. මේ තොන්ඩුව බෙල්ලේ දාගන්න. මේ සියල්ලට උත්තර දෙන්න. මීට වඩා දීර්ඝ කතාවක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගෙ කතාව ටිකක් අමුයි. ඒක ඒ තරම් දේශපාලන වේදිකාවට සෙට් වෙන්නෙත් නැහැ ඒක මම දන්නවා. මට දේශපාලන වේදිකාවකින් මොනවත් ඔ්නත් නැති නිසා ඒක ඒ තරම් ගානකුත් නැහැ. මම මෙහෙම කියලා මේ කතාව ඉවර කරනවා.

අපිට දේශපාලඥයෝ රජ කරපු හැටි දැකලා ඇති වෙලයි තියෙන්නේ.හැබැයි අපිට දේශපාලඥයෝ වැඩ කරන හැටි බලන්න ආසයි. එහෙම එවුන් පේන්ඩ ඇත්තෙම නැහැ. ඒ නිසා එහෙම සංස්කෘතියක් නිර්මාණය කරන්න ඔබතුමාට පුළුවන් නම් ඔබතුමා ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපති වෙනවා ඒක බොහොම විශ්වාසයි. සජිත් ප්‍රේමදාසට ජය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us