ලලිත් කූගන් නඩුව මඟහැර සැඟවුනාට එරෙහිව ගොටාට යළි නඩුවක් Featured

Published in පුවත්
Tuesday, 29 October 2019 12:42

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා ඉකුත් සැප්තැම්බර් මස 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  වෙත නිකුත් කර තිබූ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මෝසමක් මේ මස 31 වන දා අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉදිරියේ සලකා බැලීම සඳහා කැදවීමට නියම කෙරුණා.

2011 වසරේ ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යන මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙත්සමකට අදාළව සාක්ෂි දීම සඳහා ඉකුත් සැප්තැම්බර් මස 27 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එම අධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  වෙත සිතාසි නිකුත් කර තිබුණා. 

එහෙත් තම ජීවිතයට තර්ජන තිබෙන හෙයින් ආරක්ෂක හේතුන් මත යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දීමට තමන්ට හැකියාවක් නොමැති බවත් උතුරු නැගෙනහිරට පිට ඕනෑම අධිකරණයක තමන්ට සාක්ෂි දීමට සූදානම් බවත් සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ  විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස දන්වමින් නිකුත් කළ නියෝගය තාවකාලිකව අත්හිටුවමින් තහනම් නියෝගයක් පසුගියදා නිකුත් කර තිබුණා. එම තහනම නියෝගයට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහෙත් ඊයේ යාපනයේ පැවැත් ජන හමු කිහිපයක් සඳහා ගොඨාභය සහභාගී සිටිනු දකින්නට ලැබුණා.

අතුරුදන්වූ එම පුද්ගලයින්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ මෙම මෝසම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම මෝසම අද කැඳවූ අවස්ථාවේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ඉකුත් සැප්තැම්බර් මස 27 වනදා සාක්ෂි දීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් සැප්තැම්බර් මස 24 වනදා තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

එම තහනම් නියෝගය නිකුත් කළ ආකාරය වැරදි සහගත බවත් එය පක්ෂග්‍රහී නියෝගයක් ලෙස පෙන්වා දුන් අතුරුදන්වූ පාර්ශවයේ නීතිඥවරයා එම තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  කරුණු දක්වමින් මෙය කිසිදු පදනමක් නොමැති ඉල්ලීමක් බව සඳහන් කර සිටියා.

අභියාචනාධිකරණය විසින් මෙම තහනම් නියෝගය නිකුත් කළේ ඒක පාක්ෂිකව නොවන බවත් නීතිපතිවරයාගෙන් ද කරුණු විමසීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කළ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  මෙය වැරදි නියෝගයක් ලෙස අර්ථකථනය කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය දක්වන කරුණු පිළිගත නොහැකි බවද කියා සිටියා.

මෙහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ මෙම ඉල්ලීම මුලින්ම අදාල තහනම් නියෝගය නිකුත් කළ විනිසුරුවරිය ඉදිරියේ සලකා බැලීමට කටයුතු කළ යුතු බවයි.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ  සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සදහන් කර සිටියේ අභියාචනාධිකරණයේ සාමාජික විනිසුරුවරයෙකු දුන් නියෝගයක් නැවත සලකා බැලීමේ බලතල තමන්ට නොමැති බවයි.

ඒ අනුව අතුරුදන්වූවන්ගේ පාර්ශවය විසින් ඉදිරිපත් කළ මෙම මෝසම ලබන 31 වනදා අදාළ තහනම් නියෝගය නිකුත් කළ දීපාලි විජේසුන්දර මහත්මිය ඉදිරියේ සලකා බැලීමට අභියාචනාධිකරණයේ සභාපති වරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසින් නියම කරන ලදී.

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us