මඟනැගුමේ සභාපතිගේ පුද්ගලික සහකාරිට, වැඩි සැප වැරදි පාරකින්

Published in පුවත්
Sunday, 20 October 2019 18:21

මඟ නැගුම මාර්ග ඉදිකිරීම යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපති ඉංදික බණ්ඩාර නැමැත්තාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හලන්ගොඩ නම් කාන්තාවකට හොර පාරෙන් උස්සවීම සමඟ වැඩි වරප්‍රසාද ලබා දීමට ගන්නා උත්සාහයක් වාර්තාවේ.

මඟ නැගුම සමාගමේහි පිරිස් බල ඇස්මේන්තුව අනුවත් නොපවතින තනතුරක් වෙනුවෙන් නව පත් කිරීම සිදු කිරීමද මෙහි ඇති අනෙක් කාරණයයි. සභාපතිවරයාගේ පෞද්ගලික සහකර තනතුර විධායක ශ්‍රේණියේ තනතුරක් නොවන අතර සභාපතිවරයා විසින් මඟනැගුමේ අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් මෙම කාන්තාව දරණ තනතුර විධායක ශ්‍රේණියේ තනතුරක් බවට පත් කිරීම වෙනුවෙන් අනුමැතිය ලබා ගෙන තිබේ.

දැනට බඳවා ගැනීමේ පටිපාටියට අනුව JM 1-2 වැ‍ටුප් තලයෙ පිහි‍ටුවා ඇති මෙම පෞද්ගලික සහකාර තනතුර MM-1-1 (විධායක ශ්‍රේණියේ) වැ‍ටුප් තලයේ පිහි‍ටුවීම නීති විරෝධී වන අතරම පෞද්ගලික සහකාර තනතුරක් විධායක ශ්‍රේණියේ තනතුරක් බවට පත් කිරීම ලෝක විහිළුවකි.

එහෙත් ඇතැම් විට සභාපතිවරයාව මෙහෙය වීමේ විධායක බලයක් මේ කාන්තාවට තිබෙනවාද යන්න ගැන අප නොදනිමු.

මඟ නැගුමේ ඉදිකිරීම සමාගම යනු මේ රටෙ තිබෙන දූෂිතම රාජ්‍ය සමාගම් වලින් ප්‍රමුඛ තැනක තිබෙන සමාගමකි. එය පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ගොඩ නැගුවේම රාජපක්ෂලාගේ දූෂිත ගනුදෙනු වෙනුවෙනි.. එය වත්මන් යහපාලන ආණ්ඩුවද එලෙසම පවත්වාගෙන ගිය අතර මහා මාර්ග ඇමැතිවරයාගේ සිට මාර්ග සංවර්ධන අධිකාරියේ ලොක්කන්ටත් මඟ නැගුමේ ලොක්කන්ටත් හිතේ හැටියට මුදල් ගසා කෑමේ හැකියාව ලබා දී තිබෙන ආයතනයකි.

මග නැගුමේ ව්‍යාපෘති නියොජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන උදය නැමැත්තාට එරෙහිව තිබෙන දූෂණ වංචා චෝදනා ප්‍රමාණයම රුපියල් බිලියනය ඉක්මවන බව එම ආයතන තොරතුරු පෙන්වා දෙයි. එම පුද්ගලයාව මඟ නැගුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කිරීමටද පසුගිය කාලයේ විශාල උත්සාහයක් ගෙන තිබිණි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එරෙහිවද කාලාන්තරයක් මුලුල්ලෙ චෝදනා එල්ල වී ඇති අතර මෙම කණ්ඩායමම මෙම ආයතනය බංකොළොත් කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව සේවකයන්ද නිරන්තරයෙන්ම නඟන මැසිවිල්ලක්ව තිබේ.

mg 1mg 2

මේ අතර තමන්ට එරෙහිව සේවකයන්ගෙන් නැගෙන චෝදනා යටපත් කර ගැනීම වෙනුවෙන් උදය නැමැත්තා ව්‍යාපෘති අංශයේ කාර්යාල සේවකයන් සියළු දෙනාට රු 5,000 සිට 40,000 දක්වා අලුත් දීමනාවක් ඉදිරි මාස 6 සඳහා ගෙවීමට සූදානම් කර තිබෙන අතර ඊට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියද ලබාගෙන තිබේ. මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මෙලෙස රාජ්‍ය සේවකයන් හට අමතර දීමනාවක් ලබා දීමට කටයුතු කළ නොහැක. එය නීතියට පටහැණිය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us