සිරිසේන දැන් ගෙදර යන්න - වෙල්ගම

Published in පුවත්
Tuesday, 18 December 2018 17:17

ජනාධිපති සිරිසේන වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා.

ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව හොඳින්ම පැහැදිලි බවත් ඒ අනුව ඔහුට සිය ධුරය දැරීමට කිසිදු අයිතියක් නැති බවත් වෙල්ගම මහතා සඳහන් කළා. දි අයිලන්ඩ් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා කියා සිටියේ ආඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංගනය කළ පුද්ගලයෙක් ලෙස රටේ විවිධ අර්බුද මතු කළ ජනාධිපතිවරයාව ඕනෑම මොහොතක දෝෂාභියෝගයකට භාජනය කළ හැකි බවයි.

සිරිසේන ජනාධිපතිවරයාට දැන් සිය ධුරයට සමුදීමට කාලය එළඹ ඇති බව පැවසූ වෙල්ගම මහතා තවදුරටත් කියා සිටියේ ජනාධීපතිවරයා සිය ධුරයේ රැඳී සිටීමෙන් රටේ ජනාධිපති ධුරය ද අපකීර්තියට ලක් වන බවයි. එය ජාත්‍යන්තර වශයෙන් මෙරටට තිබෙන පිළි ගැනීමටද බලපාන බව ඒ මහතා පවසනවා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us