මුම්බායි බෝම්බ ප්‍රහාර සැකකරුට මරණ දඬුවම

Published in විදෙස්
Thursday, 30 July 2015 11:21

ඉන්දියාවේ 1993 වසරේ සිදුවූ මුම්බායි බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ  යයි චෝදනා ලැබූ යකුබ් මෙමොන් නැමති පුද්ගලයෙකුට මරණ දඬුවම පමුණුවා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි නග්පුර් සිරගෙදරදී අද(30) උදෑසන ඔහුට මරණ දඬුවම ලබාදී ඇත.  යකුබ් වෙනුවෙන් නීතිඥවරුන් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කෙරූ  අභියාචනා ඉන්දීය ජනාධිපතිවරයා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයද ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ.

1993 වසරේ මාර්තු මාසයේ මුම්බායි නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර දහස් ගණනකට තුවාල සිදුවිය.

ඉන්දියාව තුල මරණ දඬුවම ලබාදීම නීතයක් ලෙස පැවතුනත් එය ක්‍රියාත්මක වන්නේ කලාතුරකින් වන අතර 2004 වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ හතරදෙනෙකු සඳහා පමණි.

1993 මුම්බායි ප්‍රහාරයේදී ඉන්දීය කොටස් වෙළඳ පොළ සහ සුඛෝපබෝගී හෝටල් කිහිපයක් ඉල්ලක්කය බවට පත්වී තිබුණි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us