සුඩාන් ජනපති අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අධිකරණයෙන් ඉල්ලීමක්

Published in විදෙස්
Sunday, 14 June 2015 13:28

අන්තර්ජාතික අපරාධ අධිකරණය සුඩාන ජනාධිපති ඔමර් අල් බසීර් අත්අඩංගුවට ගන්නා ලෙස දකුණු අප්‍රිකාවෙන් ඉල්ලීමක් කර තිබේ. සුඩාන ජනාධිපතිවරයා  මේ වනවිට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අප්‍රිකානු ඒකාබද්ධ සමුළුවට සහභාගි වීම සඳහා ජොහැන්නස්බර්ග් නුවරට පැමිණ ඇති බව සඳහන් වේ.

සුඩානයේ ඩාපූර් කලාපයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් ඔමර් අල් බසීර්ට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණය පරීක්ෂණයක්ද පැවැත්වේ.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාව සුඩාන ජනාධිපතිවරයාව සාදරයෙන් පිළිගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර අප්‍රිකානු සමුළුව විසින් අප්‍රිකානු නායකයන්ට විරුද්ධව ඇති චෝදනා වලින් නිදහස් කරන ලෙස අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

  ඔමර් අල් බසීර්ට පිටරට සංචාර තහනම් කර ඇති තිබුණත් ඔහු බාදාවකින් තොරව අප්‍රිකානු සහ මැදපෙරදිග සංචාරවල නිරත වේ.

අන්තර්ජාතික අපරාධ අධිකරණයට පොලිසියක් නොමැති නිසා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us