ඉන්දියාවේ අධික උණුසුම හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

Published in විදෙස්
Tuesday, 26 May 2015 10:08

ඉන්දියාව පුරා පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් පන්සීයකට අධික පිරිසක් මරුමුවට පත් වී ඇති බව වාර්තා වෙයි.

ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක හතළිස් අටට ආසන්න වී තිබේ.

බොහොමයක් මරණ වාර්තා වී තිබෙන්නේ තෙලගානා සහ අන්ද්‍රා ප්‍රදේශ් යන දකුණු ඉන්දීය ප්‍රාන්තවලින්.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලහාබාද් ප්‍රදේශයේ වාර්තාගත උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක හතළිස් අටක් වන තර දිල්ලි අගනුවර උෂ්ණත්වය සෙන්ටි ග්‍රේට් අංශක හතළිස් හතර දක්වා ඉහළ ගොස් තිබේ.

හැකිතාක් පිටතට නොගොස් නිවෙස් තුළ රැඳෙමින් දියර පානය කිරීමට උත්සාහ කරන මෙන් බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඉහත කී දකුණු ඉන්දීය ප්‍රාන්තයන් තුළ පසුගිය අප්‍රේල් මස මැද භාගයේ සිට අධික උෂ්ණත්වයක් පවතින අතර බොහොමයක් මරණ වාර්තා වී ඇත්තේ පසුගිය සතිය ඇතුළතදීයි.

උෂ්ණාධික තත්වය තවත් දින කිහිපයක් පැවතීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

(bbc)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us