සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම තහනම් - ට්‍රම්ප්

Published in විදෙස්
Thursday, 06 February 2025 11:23

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

ඒ ඊට අදාළ විධායක නියෝගය ඊයේ (05) අත්සන් තබමිනි.

එම අවස්ථාවට ළාබාල ක්‍රීඩිකාවන් පිරිසක් ද එක්ව සිටියේය.

මෙය ජනවාරි 20 වනදා ඔහු බලයට පත්වීමෙන් පසු අත්සන් කළ සිව්වන විධායක නියෝගය බව සඳහන් වේ.

මෙහිදී අගෝස්තු මාසයේ පැරිස් ඔලිම්පික් උළෙලේ ලිංගභේදය පිළිබඳව දැඩි පරීක්ෂාවකට ලක් වූ ඇල්ජීරියානු කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ඉමාන් කෙලිෆ් සම්බන්ධයෙන් ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දක්වා තිබුණි.

එහිදී ඔහු "පිරිමින් ගැහැණු ළමයින් යැයි කියා ගැනීම" සහ "ජයග්‍රහණ සොරකම් කිරීම" යන කරුණු සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම විධායක නියෝගය හා සම්බන්ධව කටයුතු කරන ධවල මන්දිර නිලධාරීන් පවසා ඇත්තේ මෙම නියෝගයේ අරමුණ කාන්තාවන්, ආරක්ෂිතව සහ සාධාරණ මලල ක්‍රීඩා අවස්ථා සඳහා ප්‍රවේශ වීම සුරැකීම බවය.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us