බංග්ලාදේශ විපක්ෂය මැතිවරණයක් ඉල්ලයි

Published in විදෙස්
Tuesday, 11 February 2025 08:46

බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ රජය පෙරළා දමා මාස 6කට කාලයක් ගතවුවද එරට මහමැතිවරණය පැවැත්වීමට සහ මානව අයිතීන් සුරක්ෂිත කිරීමට මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ ප්‍රධානත්වයෙන් යුතු අන්තර්වාර රජය මෙතෙක් අසමත්වී ඇතැයි විරුද්ධ පක්ෂ චෝදනා එල්ල කර තිබේ.

බංග්ලාදේශයේ මැතිවරණ ප්‍රතිසංස්කරණය සහ විනිවිදභාවයකින් යුතුව මහමැතිවරණය පැවැත්වීම මෙන්ම මානව අයිතීන් ආරක්ෂා කිරීම එරට වත්මන් පාලනයේ වගකීම වුවත්, හින්දු සහ කතෝලික ප්‍රජා ඉලක්ක කරමින් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට සහ එරට ආර්ථිකය වර්ධනය කිරීමට අන්තර්වාර රජය සමත්වී නැති බවත් බංග්ලාදේශයේ විපක්ෂය චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විපක්ෂයේ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් එරට මැතිවරණ කොමසාරිස් නසීර් උද්දීන් ප්‍රකාශ කර ඇත්තේ බංග්ලාදේශයේ මහමැතිවරණය මේ වසර අගභාගයේදී හෝ ලබන වසරේ මුල් භාගයේදී පවත්වන බවය. බංග්ලාදේශ මැතිවරණ කොමිසම කිසිදු දේශපාලන බලපෑමකින් තොර ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, සාධාරණ සහ මධ්‍යස්ථ මැතිවරණයක් පැවැත්වීම කොමිසමේ බලාපොරොත්තුව බවත් එරට මැතිවරණ කොමසාරිස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us