ඔහුගේ මව වන හීරාබා ගෙන් උපන්දින තෑග්ග ලෙස ඉන්දීය රු 5,001/-ක් හිමිව ඇති බව වාර්තා වේ.
95 වැනි වියෙහි පසුවන හීරාබා කලක් තිස්සේ එකතු කළ මුදලක් මෙසේ තම පුතු වෙත පිරිනමා ඇති අතරල එම මුදල් ජම්මු හා කාෂ්මීරයේ ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීඹට යොදා ගන්නා ලෙසත් ඇය මෝදිට පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
උපන්දිනය දා අහමෙදාබාද් හි තම මෑණියන් බැහැ දැකීමට ගිය අගමැති නරේන්ද්‍ර මෝදි මවගේ දෙපා නමැද ආශිර්වාද ලබාගත් පසු ඇය මෙසේ සිය පුතු වෙත උපන්දින ත්‍යාගය පිරිනමා ඇත.