අැමරිකාව සමග මිලිටරි සන්ධානයක යෝජනාවට ඉරානයේ විරෝධය

Published in විදෙස්
Thursday, 18 September 2014 12:35

තම අවශ්‍යතාවයන් ඉටුකරගැනීම පෙරදැරිව ක‍්‍රියාත්මක වන ඇමරිකාව සමග මිලිටරි සන්ධානයකට නොයන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කාමේනි පවසා තිබේ.

ඔහු හෙළි කර ඇත්තේ ඉරාකයේ ඇමරිකානු තානාපතිවරයා ඉස්ලාමික රාජ්‍යයට එරෙහි ප‍්‍රහාරයක් පිළිබඳ සාකච්ඡ කිරීමට කැමති බව ඉරාකයේ ඉරාන තානාපතිවරයා වෙත පවසා ඇති බවයි.

ඔහු විසින් එය ඉරාන රජය වෙත වාර්තා කළ විට ඇතැමෙකු ඊට එකගතාවය පළ කළද තමන් පුද්ගලිකව විරුද්ධවූ බව කාමේනි පවසා ඇත.

ඇමරිකාව විසින් මින් පෙර මැදපෙරදිග වෙත සිදුකළ මැදිහත්වීම් තුළ තිබූ ආත්මාර්ථකාමීත්වය මත තමන් මෙවැනි මිලිටරි සන්ධානයකට එරෙහිවූ බව ඔහුගේ අදහසයි.

කාමේනි පවසා ඇත්තේ පැරිසියේදී පැවති ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්තවාදීන් මර්දනය කිරීම පිළිබඳ රාජ්‍යතාන්ත‍්‍රික නියෝජිත හමුවට ඉරානය ආරාධනා නොලද්දේ තම ප‍්‍රතිචාරයෙන් පසුව බවයි.

නමුත් ඉරානය සහභාගි නොවන්නේ බටහිර ආධාර ලබන සටන්කාමීන්ට එරෙහිව සිරියානු රජයේ සටනට සහය පළ කරන හෙයින් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා ඇති අතර ඉරානය සමග මිලිටරි සහයෝගිතාවයක් ඇමරිකාවට අවශ්‍ය නොවන බව එම දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකා ජෙන් ප්සාකි පවසා තිබේ.

පැරිස් සමුළුව තුළදී සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇමරිකානු ගුවන් ප‍්‍රහාර වලට එක්වීමට කැමැත්ත පළ කර ඇතැයිද වාර්තා වේ.

(ලංකාසීනිවුස්)

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us