ජපාන ආරක්ෂක අමාත්‍යාංශයේ මූලික තක්සේරුවකට අනුව දියත් කරන ලද මිසයිලයේ විශේෂත්වය වන්නේ මෙම මිසයිලයට කිලෝමීරට 15,000කට ඔබ්බෙන් වූ ඉලක්කයට ප්‍රහාරයක් එල්ල කළ හැකි වීමයි.
එමෙන්ම මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ඕනෑම තැනකට පහර දිය හැකි පරාසයක ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.
ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ඕනෑම ඉලක්කයකට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව උතුරු කොරියාව විසින් අත්පත් කරගෙන ඇති බව රොයිටර්ස් වාර්තා කළේය.