අපේ ජීවිතවලට ලහි ලහිව අන්ධකාරය කඩාවැටෙමින් තිබූ භීම සමයෙක, මානවීය මිත‍්‍ර සන්ථවයට මුල් ඇදෙන්නට හැකි ගැඹුරුම තැනුත්, අවස්ථාවාදී උපයෝගීතාවට පාවෙන්නට හැකි ඉහළම ඉම් පෙදෙසුත් ගැන ඉතා කෙටි නමුත් ඊයම් බරු සා බර පාඩමක් කියාදුන් නොඋස්, සුනංගු මිනිසෙක් අපේ සුරක්ෂා ස්ථානය වූ අඳුරු මහල් ගොඩනැඟිල්ලේ පියගැට පෙළ බැස කොළොම්පුරේ අනන්ත මංමාවත් මැද මැකී ගියේ ය. ඒ 2009 ජනේරුවයි.

2015 ජනවාරි නව වන දිනට පෙර පැවති මර්දනකාරී, ඒකාධිපති ආණ්ඩුවේ මරණ ලැයිස්තුවේ සිටි නිතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පසුගිය 21 වන දින තම මවුබිමට පා තැබීය. සිය මවුබිමට පා තැබීමෙන් අනතුරුව පවත්වන ලද ප්‍රසිද්ධ මාධ්‍යය හමුවක් පසුගිය 23 වන දින කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන මණ්ඩලයේ දී පැවැත්විණි.

බුදු වසරින් නව වැන්නේ සුගත තථාගත සම්බුදු රජාණන් වහන්සේ සිරිලකට වැඩම කොට මහමෙව්නා උයනෙහි රන් තෙළඹු රුක් සෙවණේ සමාපත්ති සුව විහරණය කළ සේක. එසේ රන් තෙළඹු රුක පාමුල වැඩ සිටිමින් බුද්ධ නේත්‍රා මණ්ඩලයෙන් අට වතාවක් නෙත් මඬල විහිදුවාලූයේය. ඉක්බිතිව ඒ අට තැනටම වැඩම කළ උන්වහන්සේ උතුම් බුද්ධ ස්පර්ශයෙන් පවිත්‍ර කොට බුද්ධ පාරිභෝගික ශුද්ධ භූමි බවට පත් කරන්නේය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ තිබූ අවිගබඩාවක් සොයා ගැනීම සමග ගාල්ලෙන් සහ තවත් තැන්වලින් ආයුධ ගබඩා හමුවෙමින් පවතී. ගාල්ලේ නැවක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් සොයාගනු ලැබූ අතර මෙම ආයුධ ගබඩා අයත් වන්නේ ‘රක්නා ලංකා’ සමාගම සහ ‘ඇවන් ගාඩ්’ ආදී පුද්ගලික සමාගම්වලට බව පැවසේ.

2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි දහස් ගණනක් තවමත් විභාගයට ගෙන න‍ොමැත.

පසු ගිය කාලය පුරා වනාන්තර අක්කර ලක්‍ෂ ගණනක් රජය මැදිහත්වීමෙන් විනාශ කර දැමු අතර , වනාන්තර විනාශය සම්බන්ධව 2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇත. නමුත් මෙම පැමිණිලි වලින් සැළකිය යුතු බොහෝමයක් සම්බන්ධව මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

පසුගිය ජනවාරි 8 වෙනි දා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වූ ප්‍රධාන කරුණ වූයේ එමගින් යහපාලනය ඇති කර ගැනීම සඳහා මාවතක් විවෘත කර ගැනීම යි. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමෙන් පමණක් යහපාලනයක් ඇති වන්නේ නැත.

සුපුන් ළහිරු ප්‍රකාශ්‍

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජෛවවිවිධත්වයෙන් හා ජල විද්‍යාත්මක අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් වන ඇටිපොල කන්දේ බැරැන්ඩිගල ගිරි ශිකරය විනාශ කරමින් සංචාරක කලාපයක් ඉදිකිරීමට හිටපු පරිසර ඇමතිවරයෙකුගේ සම්බන්දීකරණ ලේකම්වරයෙක් කටයුතු කරමින් සිටී. කිසිඳු පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත් නොවී මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් ද ව්‍යාපෘති කරුවන්ට අවසර ලබා දීම නිසා මෙම වටිනා සොබා උරුමය මකර කටට යාම ජාතියේ අවාසනාවකි. අක්කර 1400 ක් ස්වභාවික මායිම් වලින් වෙන්ව පිහිටා ඇති මාතලේ පාවුල් කඳු වලල්ලේ ප්‍රමුඛ කඳු ශිකරයක් වන ඇටිපොල කන්ද ප්‍රධාන ඇල මාර්ග 19 කින් අඹන්ගඟ හා දැදුරු ඔය පෝෂණය කරනු ලබන අතර අඩි 4200 කට ආසන්න උසකින් සමන්විත ජෛව පද්ධතියක් හා ජලාධාරයක් වශයෙන් සංරක්ෂණය කල යුතු ප්‍රදේශයකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අළුතින් පත්වූ ආණ්ඩුව අතර සාමකාමී අන්දමින් බලය හුවමාරු වූ බවට කියැවෙන කතාන්තරයක් මේ වන විට ප්‍රකාශයට පත්ව තිබේ. අවසාන ප්‍රතිඵල නිකුත් වීමටත් කලින්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතා නිහතමානීව බලය අතහැර ගෙදර යන පින්තූරවලින් පුවත්පත්, රූපවාහිනී නාලිකා සහ අන්තර්ජාලය අරක්ගත්තේය. ඊට ටික වේලාවකට කලින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ හදවතට බලවත් තැන්වලින් එල්ල වීමට ගිය මාරක පිහි පාරක් පිළිබඳ පින්තූර එම වාර්තා තුළ දැක ගන්නට නොතිබුණි. එම පිහි පහරින් අනූනවයෙන් බේරුණේ, නීතිපති යුවන්ජන් විජේතිලක සහ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ එඩිතර මැදිහත් වීම නිසාය.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us