මහින්දගේ ඡන්ද පදනම මත සිංහල බෞද්ධ ස්වෝත්තම වාදය උත්සන්න වෙමින් පවතිනවා - ධර්මසිරි බණ්ඩාරනායක

Saturday, 24 January 2015 09:26

2015 ජනවාරි නව වන දිනට පෙර පැවති මර්දනකාරී, ඒකාධිපති ආණ්ඩුවේ මරණ ලැයිස්තුවේ සිටි නිතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පසුගිය 21 වන දින තම මවුබිමට පා තැබීය. සිය මවුබිමට පා තැබීමෙන් අනතුරුව පවත්වන ලද ප්‍රසිද්ධ මාධ්‍යය හමුවක් පසුගිය 23 වන දින කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන මණ්ඩලයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රවීණ නාට්‍යවේදී, සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක ද සහභාගී විය. පසුගිය සමයේ පැවති මර්දනකාරී ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ‘පුරවැසි බලය’ සමග එක්ව දැවැන්ත මෙහෙයක් ඉටු කළ ධර්මසිරි බණ්ඩාරනායක වත්මන් ආණ්ඩුව පිහිටුවා සති දෙකක් ඉක්ම යාමට මත්තෙන් එම ආණ්ඩුව පිළිබඳ දැක්වූයේ සුබවාදී ආකල්පයක් නොවේ. එය ඔහුගේම වදනින් මෙසේ සටහන් කරන්නේ ඒකාධිපතියකු පන්නා දමා යහපාලනය අපේක්ෂාවෙන් සිටින ජනතාවගේ අවධානය පිණිස ය.

‘‘බැසිල් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ මෙහි රැස්ව සිටින විද්වතුන් වෙත කලාකරුවෙක් වශයෙන් මගේ අවධානය යොමු වූ ප්‍රධාන කරුණක් පිළිබඳව අදහස් දක්වන්න කැමතියි. අපි දින සියයේ වැඩපිළිවෙළ පිළිබඳව හැම මොහොතක ම හැම තැනක ම කතාවෙනවා. අපේ දුරකතනවලට ලැබෙන ඇමතුම්වලින් මේ පිළිබඳව එක් එක් පුද්ගලයන් පැය භාගයකට වඩා අදහස් හුවමාරු කරගන්නවා.

ඒ අතර වෛද්‍යවරු, ඉංජිනේරුවො, නීතිඥයො, විනිශ්චකාරවරු, ආචාර්යවරු, මහාචාර්යවරු, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සිටිනවා. ඒ හැමෝ ම අවසානයේ කියන්නෙ ‘මේක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කියන්න’ කියල. ඒක තමයි මේ ජනතාව අපිට කරන බලපෑම. මට ඒ වෙලාවට හිතෙන්නෙ කතාකරන කෙනා හිතාගෙන ඉන්නෙ මගේ අසුනට යාබද අසුනෙ වාඩිවෙලා ඉන්නෙ ජනාධිපතිතුමා කියල. මේ අය රෑ දෙගෙඩහරියෙත් කතාකරනවා. මේ හැම කෙනෙකුගේම කතාව ඇතුළෙ තියෙන්නෙ කලකිරීමක් සහ දියාරු වීමක් පිළිබඳ අවදානමක්. ඔවුන් කතාකරන ස්වරූපය අනුව අපිට ඒක තේරෙනවා.

ඊයෙ හවස කතා කරපු බොහෝ දෙනාගෙ විවේචනයට ලක්වුණේ ජනාධිපතිතුමාගේ මල්ලි ටෙලිකොම් ආයතනයේ සභාපති වීම. ඔවුන් අහන්නෙ ‘ඔන්න දැන් ඥාති සංග්‍රහය පටන්ගත්තා තමුසෙලා මොකද කියන්නෙ’ කියලා. දැන් අපි ජනතාවට කියපු දේවල් ආපසු ඇදගන්න බැරුව වලිකන තත්ත්වයකට පත්වෙලා. මේ කාරනාවටත් වඩා දැනුවත් කාරණාවක් පිළිබඳව මෙතනදි සඳහන් කළ යුතු යි. දැන් බැසිල් ප්‍රනාන්දු මහත්මයා පවසා සිටියා චිනයේ ‘ජාත්‍යාලය’ පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කරද්දි ඒ රටේ තරුණ පරපුර චතුරශුයට රැස්වෙලා කළේ මොනව ද කියල. එතන හිටපු විශාල ප්‍රමාණයක ජනතාව මේ යෝජනාවට සම්පූර්ණයෙන් ම විරෝධතාවය ප්‍රකාශ කළා.

දැන් අපි හැමෝගෙම අවධානය යොමු වෙලා තිබෙන්නෙ දින සියය ඇතුළත ඉන්ධන මිල සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ මිල අඩු කිරීම පිළිබඳව යි. නමුත් ජනතාවට නොපෙනෙන්න අනෙක් පැත්තෙන් ජාතිවාදය වපුරලා විශාල විනාශයක් කරන්න සූදානම් වන බවක් පේන්න තියෙනවා. සමහර විට මේ භයානක වැඩපිළිවෙළ පක්ෂයක් විදියට කරළියට එන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නෙ සඟ, වෛද, ගුරු, ගොවි, කම්කරු කියන පංචමහා බලවේගයක් නම් ඒ බලවේගය අවුරුදු දහයක් තුළ කරපු විනාශයේ ප්‍රතිඵලය දැන් මුළු රට ම දන්නවා. මේ දිනවල හෙළිදරව්වෙන කරුණු මත මේ පංචමහා බලවේගයේ බියකරුබව හොඳින්ම දැකගන්න පුළුවන්.

ඔබට මතක ඇති පසුගිය දිනවල කරළියට ආපු සිද්ධියක්. ඒක තමයි ‘උතුරේ දෙමළ තරුණයො ඊළාම් කොඩිය ඔසවාගෙන හමුදා කඳවුරුවලට ගල් ගහනව’ කියල. මේක සෑහෙන දුරට ප්‍රචාරය වුණා; මිනිස්සු උණුසුම් වුණා. පසුගිය දිනක බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයගේ මූලිකත්වයෙන් යම් සාකච්ඡාවක් කළා. එතන සිවිල් සංවිධාන හතළිහක් පමණ සිටියා. නමුත් අපි දන්නවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලක්ෂ පනස්හතකට වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගත්තෙ කිසිම සිවිල් සංවිධානයක සහයෝගයක් නැතුව. දැන් මෙන්න මේ ඡන්ද පදනම මත ජාතිවාදය සහ සිංහල බෞද්ධ ස්වෝත්තම වාදය උත්සන්න වෙමින් පවතිනවා. මේ ඡන්ද පදනම පවතින ප්‍රදේශවල මේ ප්‍රවණතාවය ඉතාමත් වේගයෙන් ඉදිරියට යනවා.

අප කිසිවෙක් නොතකා හරින කාරණයක් පිළිබඳව ඊළඟට අවධානය යොමුකරන්න කැමතියි. ඒ තමයි මේ ව්‍යසනයට ගොදුරු වෙන පිරිස අතරෙ ඇත්තට ම තරුණ පිරිස අඩුයි. ඔවුන් ලෝකය පිළිබඳ දැනුවත්. මෙන්න මේ තරුණ පිරිස සමග එකතු වෙලා කලාකරුවන්ට මේ ව්‍යසනකාරි තත්ත්වය වළක්වන්න විශාල වැඩකොටසක් කරන්න පුළුවන්. අපි දන්නවා 1983 උතුරෙන් ආපු මෘතදේහ 13 ක් කොළඹ කනත්තට ගෙනාපු වෙලාවෙ එහි මූලිකත්වය ගත්තෙ භික්ෂූන්වහන්සේ නමක්. ඒ ඇල්ලේ ගුණවංශ කියන භික්ෂූන් වහන්සේ. උන්වහන්සේ කරපු විනාශය අවුරුදු තිහක යුද්ධයක් දක්වා වර්ධනය වුණා. මේ වාතාවරණය අනුව මෘතදේහ 13 ක් නෙවෙයි 500 ක් ගේන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙනවා.

මොකද මැදමුලනෙ ඉඳල බෙලිඅත්ත, තංගල්ල, මුල්කිරිගල, වලස්මුල්ල ඇතුළු විශාල ප්‍රදේශයක තරුණයො තමන් ඇඳන් ඉන්න කමිසයට යටින් රිවෝල්වරයක් සඟවාගෙන ඉන්නවා. අපි අහන්නෙ කවුද මේ තුවක්කු බෙදාහැරල තියෙන්නෙ? දැන් මොකක් ද මේ කරන්න හදන්නෙ? දකුණේ භීෂණයක් ඇතිකරලා, උතුරේ හමුදාව දකුණට කැඳවලා ඊට පස්සෙ උතුරෙ කලබල ඇතිකරවන්න. අනතුරුව නැවතත් උතුරේ භීෂණයක් තියෙනවා කියල ජනතාවට ඒත්තු ගන්වන්න.

අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශයක් කරල තිබුණා ‘13 වන ව්‍යවස්ථාව බලගන්වනවා’ කියල. මේ ගැන යමක් සඳහන් කරන්නෙ එතුමා පමණයි. වෙනත් කිසිඳු දේශපාලනඥයෙක් මේ ගැන වචනයක් කතාකරන්නෙ නෑ. ජාතිවාදී නොවේ යැයි අපි විශ්වාස කරන සමහර අයත් කියන්නෙ ‘මේ වෙලාවෙ ඔය ගැන කතාකරන්න එපා’ කියල. මම අහන්නෙ ... මේ වෙලාවෙ හැර ඔය ප්‍රශ්නය කතාකරන්නෙ කොයි වෙලාවෙද කියල.

කලාකරුවන් වශයෙන් මෙන්න මේ සම්බන්ධයෙන් අපිට විශාල වැඩකොටසක් කරන්න තිබෙන බව මේ මොහොතේ ප්‍රකාශ කරන්න ඕන. මේක දින සියයට වැහිල තියෙන ප්‍රතිගාමි බලවේගයක්. අපි හැමෝම එකතු වෙලා මේ බලවේගය අක්‍රිය කරන්න ඕන.

සටහන - ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us