ඡන්දය ක‍ටුගාන්න එපා. මෛත්‍රී යන්නෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධි ගමනක්. හැකි වෙරක් යොදා සන්ධානය පරාජයට පත් කළයුතුය. Featured

Friday, 14 August 2015 12:35

එළෙඹෙන මහ මැතිවරණයේදී ඡන්දය ක‍ටු ගෑමට යෝජනා කරන තක්කඩියකු ගැන අසන්නට ලැබිණි. මේ යෝජනාව එන්නේ තමන්ට ගෝචර නොවන තවත් පක්ෂයක් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීම වැලැක්වීම සඳහා වන යෝජනාවක් ලෙසය.

ජනාධිපතිවරයාගේ වත්මන් දේශපාලන න්‍යාචාර්යවරයකු ලෙස සමහරුන් විසින් හඳුන්වනු ලැබන අශෝක අභයගුණවර්ධන මහතා මේ මතය සමාජ ගත කිරීම වෙනුවෙන් කිලී මහරාජාගේ සිරස රූපවාහිනිය යොදා ගත් අතර, අද (14) 'සත්හඬ' පුවත්පතටද මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කර ඇත.

ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට අවශ්‍යව ඇත්තේ ජනාධිපතිවරයා හෝ මහින්ද රාජපක්ෂ හෝ සන්ධානය කෙරෙහි කළකිරී හෝ මෙවර වෙනත් පක්ෂයකට යොමු විය හැකි ඡන්ද ප්‍රමාණය වලක්වා සන්ධානය පරාජයෙන් බේරා ගැනීමය. සන්ධනය පරාජය වුවහොත් එහි වගකිමද බාර ගැනීමට සිදුවන්නේ සිරිසේන මහතාටය. ඒ ප්‍රශනය ට උත්තරයත් මහින්ද රාජපක්ෂව ඉවත්කර ගැනීමත් එක ගලෙන් කර ගැනීම මේ මෙහෙයුමේ උත්සහයය.

පසුගියදා ජාතික පුවත්පත්වල සන්ධානය නමින් ජනාධිපතිවරයාගේ රුව යොදා දැන්වීමක් පළ කළේද මෙම පිරිස විසින්මය. එය ජනාධිපතිවරයාගේ ද අනුමැතිය යටතේ සිදු වූවක් බවද එම අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කර සිටී.

ඔවුන් සතුව තිබෙන සමීක්ෂණ වාර්තා අනුව සන්ධානය මෙවර ජය ගනු ඇත. එහෙත් ඒ ජය ලැබීමේ සියළු ලකුණු යන්නේ රාජපක්ෂ මහතා වෙතට නිසා ඒ වලක්වා ජයග්‍රහණයේ සියළු ලකුණු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතට ලබා ගැනීම මේ සැලසුම් වල අභිප්‍රායය. සන්ධානය ජයග්‍රහණය කරන බවට වන විශ්වාසය නිසා ඊයේ දිනයේදී මහින්ද රාජපක්ෂට ලියුමකින් තඩි බෑම සිදු කරනු ලැබීය. එහෙත් ඒ නොසිතූ ලෙස සන්ධාන පාක්ෂිකයා දුර්වල කිරීමට හේතුවී ඇති අතර සන්ධානය යම් ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් සිටියද ‍රැල්ල ආපිට කැරකි ඇත. මේ නිසා ඡන්ද වර්ජනය කිරීමේ කතාව මේ මොහොතේදී මෛත්‍රීපාර්ශවයට ඇති එකම ගැලවීමේ මාර්ගය බව තහවුරුව තිබේ. රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීමේ සටනක දැන් මෛත්‍රීපාර්ශ්වය නියලී සිටී.

ඒ කුමක් වූවත් ජනතාවගේ පරමාධිපත්‍යය ප්‍රකාශයට පත්වීම වැලක්වීම සඳහා කිසිවකුට යෝජනා කළ නොහැක. තමන්ගේ අහවල් පක්ෂයට ඡන්ද ප්‍රකාශය කරන ලෙස දේශපාලකයකුට ඉල්ලා සිටීමේ තර්කයක් ඇතත් ඡන්දය ක‍ටු ගාන්නට හෝ ඒ ප්‍රකාශයට පත් නොකරන්නැයි ඉල්ලා සිටීම තුල යම් සාධාරණ තර්කයක් ගොඩ නැගෙන්නේ රටක මැතිවරණ ක්‍රමය වංචාවෙන් දූෂණයෙන් යුත් වේ නම් හෝ යම් නීති විරෝධී තත්වයන් හමුවේ පාලකයන් මැතිවරණ කටයුත්තක් මෙහෙයවන්නේ නම් පමණි. එයද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සිවිල් අරගලයක් ලෙසය. එහෙත් එවැනි තත්වයක් මේවන විට කිසිසේත්ම දකින්නට නැත.ජේ ආර්, ප්‍රේමදාස යුගයේදී චන්ද්‍රිකා යුගයේදී මෙවැනි ඉල්ලීම් තිබුණු අතර ඒතුල සාධාරණත්වයක්ද තිබිණි.

මෙරට ඉතිහාසයේ අතිශය සාමකාමී හා ඡන්ද දායකයාට නිදහසේ සිතා මතා ඡන්ද පාවිච්චි කිරීම සඳහා ලැබුණු පළමු අවස්ථාවේදීම ඒ අයිතිය විසිකරන දමන ලෙස ඉල්ලිම නරුම අවස්ථාවාදියකුගේ ඉල්ලීම විනා වෙනකක් නොවේ.

තමගේ හෝ තම කණ්ඩායමේ බඩගොස්තරවාදී පැවැත්ම වෙනුවෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය බල්ලට දමා කතාකරන වුන් යළි යළිත් බිහිවීම ජනවාරි 08 වනදා ලැබූ ජයග්‍රහණය හා සමපාත වන්නේ නැත. ජනතාව ජනවාරි 08 වන දින ලබාගත් ජයග්‍රහණය සැලකුවේ ප්‍රජාතන්ත්‍රවදයේ ජයග්‍රහණයක් ලෙසය. ඒ ජය ලැබූවන් පෙනී සිටියේ මහා ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙසය.

එහෙත් මේ ඡන්ද ක‍ටුගෑමේ යෝජනාව එම පාර්ශ්වයෙන්ම පැමිණෙන්නේ නම්, මේ මොන තක්කඩියන් පිරිසකයැයිද කියා ප්‍රශ්නකිරීම ඡන්දදායකයා හමුවේ වන බරපතල ගැටලුවක් බවට පත්වේ.

යම් හෙයකින් සන්ධානය ජය ගෙන මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධුරය නොදී සිටිමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් එහි පුදුමයක් නැත. මන්ද මේවන විටත් ඔහු ප්‍රජාතන්ත්‍ර විරෝධියකු බව පෙන්නුම් කරමින් සිටින නිසාය. මේ නිසා හැකි වෙරක් යොදා සන්ධානය පරාජයට පත් කළ යුතුය.

Last modified on Friday, 14 August 2015 12:44

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us