මෙරට සිදුවෙමින් පවතින්නේද එවැනි දේශපාලන වියවුල් සහගත කාලයකි. මහින්ද රාජපක්ෂ පරාජය විය.. ඒ නිකම් නොවේ. හොරෙක් තක්කඩියෙන් අපරාධකරුවකු ලෙස සදා නොමැකෙන හංවඩුවක් සමඟිනි. එහෙත් ලැජ්ජ නැති කම ජනාධිපතිකමටත් වඩා ලොකුවීම හේතුවෙන් තවමත් සිය කෑදර දේශපාලන අභිලාශයන්ගෙන් ඔහුට මිදීමට හැකිව නැත. ඔහුට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ මෛත්‍රීපාලව විනාශ කර දමා යළිබලය අත්පත් කර ගැනීමේ කෑදර කමය.
නුගේගොඩ සිට රත්නපුර දක්වා පෙන්නුම් කරවන්නේ ඒ සත්‍යයි. ඔහු ශ්‍රි ලනිපය මේවන විට දෙකඩ කිරීමට සමත්ව තිබේ. ජාතිවාදය ආගම්වාදය පෙරටු කොට ගත් මේ අලජ්ජ ව්‍යාපාරය වටා මෙරටේ තකතීරුවන් හොරුන් දූෂිතයන් තක්කඩියන් අපරධකරුවන් කිසිදු කොන්දේසියකින් තොරව රැස්වී සිටීම දැකීමත් පිළිකුලට හේතුවක් වුවත්. ඒ මේ රට රාජපක්ෂලා විසින් ගෙන ගොස් අත් හැර දැමූ තැනය.
පාලකයා හොරෙක් වූවොත් පමණකි, රටේ හොරුන්ට පැවැත්මක් ඇත්තේ. පාලකයා මිනී මරුවකු වුවොත් පමණකි, මිනී මරුවන්ට පැවැත්මක් ඇත්තේ.. මේ රංචු ගැසෙන්නේ තමන්ට ගැලපෙන නායකයා අහිමිවීමේ දුක වේදනාව හා බලාපොරොත්තුව සමඟය.
රුසියාවේ ස්ටාලින්ටද මහා ජන බලයක් විය.. එපමණක් නොවේ ජර්මනියේ හිට්ලර්ටද ඉතාලියේ මුසෝලනීටද එවැනිම මහා ජන බලයක් විය. එහෙත් ඒ එකක්වත් මානව වර්ගයාගේ යහපතට හේතු වූයේ නැත. මහින්ද ගැනද කියන්නට වන්නේ ඒ ටිකමය. මහින්ද ඕනා කියන වුන්ට පොදු මනුෂ්‍ය වර්ගයාගේ යහපත අවැසි නැත. දෙමළා, මුසල්මානුවා ජාතියේ හතුරන්ය. ඒ තබා රටට පිලිලයක්ව පවතින ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවාටද ඔවුන් විරුද්ධය. ඒ තබා මේ මජර මැතිවරණ ක්‍රමය වෙනස් කරනවාටද ඔවුන් විරුද්ධය. දූෂණයට වංචාවට එරෙහිව නව නීති රීති ගෙන එනවාටද ඔවුන් විරුද්ධය. ඒ එසේවන්නේ තමන්ගේ පෞද්ගලික ලාබය ගැන කල්පනා කරන බැවිනි.
එසේ හෙයින් මේ නව පාලනයට පොරෝ පහරක් එල්ල කර විනාශ කර දැමීම ඔවුන්ගේ අභිලාශයයි.
නමුත් පොරො පහරකින් හෝ වැනසිය යුත්තේ නුගුණයි. ඊට කිසි විරෝධයක් නැත. වැලි රාජු ජනාධිපති සොහෝයුරා වූවද ඔහුට පොරො පහරක් එල්ල වීම ගැන සමාජය නොතකන්නේ ඒ නුගුණ නිසාමය. රත්ගම මනෝජ් කියන්නේද මහින්ද පාලනයේ නිර්මාණයකි. ඔහුගේ හිස හරහාද උන්ඩයක් ගියේය.මනෝජ්ට මිනීමැරුම් චෝදනා 13ක් එල්ල තිබියදීත් ඔහු සභාපති පුටුවක යෙහෙන් වැජඹෙමින් සිටියේය. වැලි රාජුලාට මනෝජ් ලාට එරෙහිව එදා මෙරට නීතිය හරියාකාරව ක්‍රියාත්මක වූයේ නම් අද මේ ප්‍රශ්නය ඇති නොවෙන්න ඉඩ තිබුණි.
රාජපක්ෂ පාලන සමයේදී වැලි රාජුට ඕනෑම නීති විරෝධි කටයුත්තක් කිරීමේ නිදහස ලැබී තිබිණි. ඒ අයියා ඇමති නිසා නොවේ. මහින්ද ජනාධිපති නිසාය. මෛත්‍රී තමන්ගේ ප්‍රතිවාදියා වූ විට මහින්ද වැලි රාජුට ප්‍රසිද්ධියේ කීවේ දැන් සෙල්ලම් කරන්න එපා යැයි කියාය. එසේ කීවේ මෛත්‍රීගේ සොහොයුරන් අපරාධකරුවන් බව හැඟවීමට වුවත් එයින් වූයේ පරණ සෙල්ලම් සමඟ තමන්ද සිටිය බව පිළිගැනීමකි.
වැලි රාජුගේ හිසට එල්ලවන පොරෝ පහරද මනෝජ්ට එල්ල වන වෙඩි පහරද මහින්ද පාලනයේ ප්‍රතිපළයන්ය බව පැහැදිලි කාරුණකි. පරන අපරාධ කරුවන්ට සිය ආරක්ෂාව අහිමිව ගොස් ඇති නිසා පරණ ස්වාමීය වෙනුවෙන් මහවැසි සුළි කුණටු පවා නොතකමින් සීරුවෙන් සිට ගැනීම පුදුමයට කරුණක් නොවේ.
වත්මන් පාලනයට මේ ගැටලුවට දෙන්නට පුලුවන් විසඳුම මේ අපරාධකාරුවන් ගේ ජීවිත රැක දීමේ වැඩ පිලිවෙලක් සකස්කර දීමය. එනම් ඔවුන්ව අවධානම් කලාප වලින් වෙන් කොට නීතිය ප්‍රකාරව දඬුවම් නියම කර සිරගවලවලට ගාල් කිරීමය.. එහේ නොවුන හොත් තවත් එක පෙළට මෙවැනි සිදුවීම් වාර්තා වීම වලක්වා ගැනීම අපහසු වනු ඇත.
එමෙන්ම අප දන්නා පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතා හා වැලි රාජු අතර සහෝදරකම් පවා අතහැර තිබුණේ මීට බොහෝ කලකට පෙර සිටය. ඒසේ වුවත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාටද සිය නුගුණ සහෝදරයාව පාලනය කිරීමේ හැකියාවක් තිබුණේ නැත. වැලි රාජු ඊයේ වෙනකම් දිගටම කටයුතු කළේ මහින්දගෙ ආභාශයටය. තවමත් මෙරට මුලු රාජය යාන්ත්‍රණයම කටයුතු කරන්නේ මහින්දගේ ආභාෂයටය. 'යහපාලනය' තවම රාජ්‍ය යාන්ත්‍රණයට එක්වී නැත. පරණ දැතිරෝධ වලට යහපාලනයේ ග්‍රීස් දැවැටීම ප්‍රමාණවත් යයි සිතා කටයුතු කිරීම අනතුරුදායකය. ඉන් වැඩි දුරක් ගමන් කිරීම ට හැකිවන්නේ නැත. මේ දැති රෝධ ගලවා ඉවත් කොට යන්ත්‍රයට සරිලන ඒ තවත් කාර්යක්ෂම හා නිවැරදිව වේගවත්ව කටයුතු කළ හැකි අලුත් දැතිරෝධ සවි කළ යුතුව ඇත. එසේ නොවුන හොත් සතුරන්ගේ පොරෝ පහරවල් තවද දැඩි වෙනු ඇත.
- ජනතා පාක්ෂිකයා