සන්නස්ගල මහතා නොඇසූ ප්‍රශ්න Featured

Sunday, 01 February 2015 12:38

උපුල් ශාන්ත සන්නස්ගල මහත්මය හරිම වාසනාවන්තයි! මොකද ශ්‍රී ලංකාවේ හය වන විධායක ජනාධිපතිවරයා දිව්රුම් දුන්ට පස්සෙ එතුමා රුපවාහිනී මාධ්‍යයක් සමග කළ පළමු සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න සන්නස්ගල මහත්මයට ලැබීම නිසා. සාකච්ඡාවත් හොඳයි. ඒක නිකම් නිකං වාචාල සාකච්ඡාවකට සීමා නොකර යම් සෞන්දර්යාත්මක අගයකුත් එකතු කරල තිබුණා.

ජනාධිපතිතුමත් සන්නස්ගල අහපු ප්‍රශ්නවලට බොහොම සැහැල්ලුවෙන්, සරල පිළිතුරු ලබා දුන්නා. හැබැයි මට දැනුණ විදියට ජනාධිපතිතුමාගෙන් ඇසිය යුතු ම වූ, නමුත් නොඇසූ ප්‍රශ්න කිහිපයක් තිබුණා. සමහර විට කලින් යොදාගත් කාලසීමාව අනුව සාකච්ඡාව සීමා කරගන්න ඇති. ඒ නිසා මට හිතුණා ජනාධිපතිතුමාගෙන් ඇසිය යුතු එහෙත් සන්නස්ගල මහත්මයා නොඇසූ ප්‍රශ්න කිහිපයක් ජනාධිපතිතුමා වෙත යොමු කරන්න. මම හිතනවා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා යහපත් ප්‍රතිචාරයක් දක්වාවි කියල.


ජනාධිපතිතුමා ප්‍රකාශ කළා ‘‘අතිගරු’’ සහ ‘‘ආර්යාව’’ නමැති නාම ඉවත් කරන බව. ඇත්තට ම ඒක ඉතාමත් වැදගත්. ජනාධිපතිතුමා තමා සම්මතයේ සිට පරහට ඔවා දීම පිළිබඳව එතුමාට අපේ ප්‍රණාම ය. ප්‍රශ්නය මේකයි.

අභිනව ජනාධිපතිතුමා සිය පදවියේ දිවුරුම් දීල පැය විසිහතරක් යන්නත් කලින් එතුමාගෙ පුත්‍ර රත්නය වන දම් සිරිසේන මහත්මයා කොළඹ රාත්‍රී සමාජශාලාවකට ඇතුල් වෙලා කිසියම් කලබලකාරි කටයුත්තක යෙදුණ බව මාධ්‍යවල පළ වුණා. සන්නස්ගල මහත්මයා මේ පිළිබඳ නොඇසීම මම හිතන්නෙ බරපතල අතපසුවීමක්. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් අහන්නෙ එවැනි සිදුවීමක් සැබැවින් ම සිදු වුණා ද? සිදු වුණා නම් තරාතිරම නොබලා සිද්ධියට සම්බන්ධ පුද්ගලයා/යන්ගෙන් විමසීමක් කළා ද? ඒ සඳහා ගත් පියවර කුමක් ද? සහ ඉදිරියට මෙවැනි සිදුවීම් නොවන්නට වගබලාගන්නවා ද? කියලා.


උතුරේ ජනතාව පුනරුත්ථාපනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් සන්නස්ගල මහත්මයා විමසුවා. නමුත් ඒ සම්බන්ධයෙන් ඍජු පිලිතුරක් ලැබුණෙ නැහැ කියලයි මගේ අදහස. මොකද උතුරේ ජනතාව පමණක් පුනරුත්ථාපනය කරනව කිව්වම එතන ගැටලු දෙකක් තිබෙනවා. එකක් ජාතිවාදීන්ට මේක හොඳ අවස්ථාවක් වෙනවා. උතුරේ ජිවත්වෙන්නෙ කිසියම් අවවරප්‍රසාදලාභීන් කොටසක් බව මෙයින් පැහැදිලි වෙනවා. ඒක තමයි අර ජාතිවාදින් තමන්ගෙ වාසියට හරවා ගන්නෙ. ඒ අය කියාවි මෙත්‍රීට වැඩිපුර ඡන්දෙ දුන්නෙත් දෙමළු, ඒත් උන් පුනරුත්ථාපනය කරනව කියල.

‘‘පුනරුත්ථාපනය’’ කියන වචනයෙන් අර්ථ දැක්වෙන්නෙ දුර්වල වූ යමක් හෝ යම් පුද්ගලයෙක්/ කණ්ඩායමක් නැවත නගාසිටුවීම. ඇත්තට ම උතුරේ ජනතාව දුර්වල වුණා නෙවෙයි දුර්වල කළා. ඒ නිසා ඔවුන් නගාසිටුවිය යුතු යි. ඒක රාජ්‍යයක වගකීමක්. නමුත් මේ වචනය ලංකාවෙ මුල් බහැගත්තෙ 71 තරුණ නැගිටටීමෙන් පස්සෙ. එතනදි මේ වචනයේ තිබුණ පරිසමාප්ත අර්ථයට යම් හානියක් වුණා. පසුව මේ වචනය මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන්ට වගේ ම බාල අපරාධකාරයන් වෙනුවෙන් පවා භාවිතා කලා. ඒ නිසා ‘‘පුනරුත්ථාපනය’’ කියනකොට ම මිනිස්සුන්ගෙ ඔළුවෙ ඇඳෙන්නෙ වෙන චිත්‍රයක්. ඒ එක්ක ම සන්නස්ගල මහත්මයා මේ ප්‍රශ්නය අහන සැණින් ම ඒ සඳහා පිළිතුරකුත් ඔහු ම සපයනවා. ඔහු කියනවා උතුර විතරක් නෙවෙයි දකුණත් පුනරුත්ථාපනය කළ යුතු යි කියලා.

සැබැවින් ම දකුණේ පුනරුත්ථාපනය කළ යුත්තේ කවුරුද කියල හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත වර්ණසිංහ මහත්මයා පසුගිය දවසක ප්‍රකාශ කරලා තිබුණා. ඔහු කියල තිබුණෙ ‘‘නිල් බලකාය පුනරුත්ථාපනය කරනවා’’ කියල. මම හිතන්නෙ සන්නස්ගල මහත්මය අහපු ප්‍රශ්නය, ඔහු ම සපයපු පිළිතුර සහ ජනාධිපතිතුමා දුන් අපහැදිලි පිළිතුරට වඩා වර්ණසිංහ මහත්මයාගේ ප්‍රකාශය වැදගත්.

ඊළඟට අපි දන්න ඛේදජනක ම දෙයක් තමයි යුද්ධයට ආවැඩුවන් විසින් ම සඳහන් කරන, මානෙල් මල් පලඳපු අයට අනුව සහ දේශි හිතෛෂීන්ට අනුව ‘‘රණවිරුවො’’ නමින් භෞතීස්ම වුණ බොහෝ පිරිස් අද පත්වෙලා තිබෙන තත්ත්වය. එදා ඔවුන් අතේ රැදුණෙ ගිනි අවිය. ඒක තමයි ඔවුට උරුම භාණ්ඩය. නමුත් අද ඔවුන් අතේ තිබෙන්නෙ පාර අතුගාන ඉදල, කුණු රොඩු එකතුකරන රේක්කය, කුණු රොඩු රැගෙන යන කූඩය, තණකොළ කපන යන්ත්‍රය. ඇත්තට ම ආත්ම ගෞරවයක් තියන පුද්ගලයකුට මේක දරාගන්න බැහැ. මොකද ඔවුන් ගියේ කසළ ශෝධක රැකියාවකට නෙවෙයි. (මෙතනදි කසල ශෝධක රැකියාව කිසිසේත් ම පහත්කොට නොසලකන බව මේ ලියන කෙනා අවධාරණය කරනවා) ඔවුන් සිය දෙමාපියන් සහෝදර සහෝදරියන්ගෙන් සමු අරගෙන නිවසින් පිටත් වුණේ ගෞරවාන්විත යැයි මේ රටේ නම් කරපු රස්සාවකට. නමුත් අද ඔවුන් තම හිස්වැස්මෙන් මුහුණ වසාගෙන මහා මාර්ග සහ උද්‍යාන පිරිසිදු කරනවා, කුඹුරු අස්වද්දනවා. ඇතැම් ස්ථානවල කුලීකරුවන් විදියට සිමෙන්ති, වැලි, ගඩොල් සහ කොන්ක්‍රීට් එක්ක හැප්පෙනවා. මේ පිළිබඳව නව ආණ්ඩුව ගන්න පියවර මොකක් ද කියල අහන්න සන්නස්ගල මහත්මයට අමතක වුණා. එහෙම නැත්නම් කාලය මදි වුණා.

ආනන්ද කුමාරස්වාමි කියන්නෙ මේ රටේ සංස්කෘතික උන්නතිය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකරපු විද්වතෙක්; ලේඛකයෙක්. අනාගතයේ දවසක ඔහුගේ මී මුනුබුරෙක් හෝ මිනිබිරියක් හෝ ලංකාවට ආවම එතුමා නමින් නම් කරල තිබුණ මාර්ගයට මොක වුණේ කියල බලාවි. කලා නිර්මාණකරුවෙක් සහ කලාව වෙනුවෙන් පෙනී සිටින සන්නස්ගල මහත්මයට අමතක වුණා ආනන්ද කුමාරස්සවාමි මහත්මය නමින් තිබුණ මාර්ගය නැවත ඒ නමින් නම් කරනවද කියල අහන්න. ආනන්ද කුමාරස්ස්වාමි මහත්මයගෙ නමින් වගේ ම මේ රටේ සිටි තවත් ඒ වගේ පුද්ගලයන්ගෙ (ටොරින්ටන් වැනි අධිරාජ්‍යවාදි පාලකයන් හැර)නමින් නම් කරපු මං මාවත්, ගොඩනැගිලි, පාසල් ආදිය පසුගිය කාලයේ රාජපක්ෂකරණය වුණා. ඒවා නැවත තිබුණු තත්වයට පත්කරන්න පුළුවන්ද කියල.

ජනාධිපතිතුමා ප්‍රකාශ කළා කිසිම රාජ්‍ය උත්සවයකට රටේ දරුවන් යොදාගන්නෙ නැහැ කියල. ඒක ඉතාමත් වටිනා ක්‍රියාවක්. මෙතනදි ජනාධිපතිතුමාගෙන් සන්නස්ගල මහත්මයට අහන්න අමතක වුණ ප්‍රශ්නයක් මම දැන් අහන්නම්. ඒ තමයි, පසුගිය කාලය පුරාම මහින්ද චින්තනයට අනුව නිර්මාණය කරපු ඊනියා පුරා කතා නරඹන්න පාසල් දරුවො බලහත්කාරයෙන් අරගෙන ගියා. සිනමා නිර්මාණයක් කියල අහලකින්වත් තියන්න බැරි නිර්මාණ මේ අතර තිබුණා. ඒ නිර්මාණ අපේ පාසල් දරුවන්ට පෙන්නුවේ බලහත්කාරයෙන්. අඩුම ගානෙ ඒ නිර්මාණය පහත් මට්ටමේ නිර්මාණයක් කියල දෙමාපියන් පැහැදිලි කරත් දරුවා බලහත්කාරයෙන් අරගෙන ගිහින් ඒවා පෙන්නුවා. මින් ඉදිරියටත් ඒ තත්ත්වය ම පවතිනවා ද? කුමන හෝ අවර ගනයේ පුරා කතාවක් පාසල් දරුවන්ට සුදුසුයි කියල නිර්දේශ කරනවා ද?

මේ ආණ්ඩුව පත්වෙලා තවම සති තුනයි. ආණ්ඩුව පත්වෙන්නට කලින් ඉඳල ම නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක යෙදෙනවා. උසස් අධ්‍යාපන ඇමතිතුමා තමන්ගෙ අමාත්‍යංශයේ වැඩ බාරගත්ත. මම නම් හිතන්නෙ එතුමා පළමුවෙන් ම කරන්න තිබුණෙ ඒ සත්‍යග්‍රහණයේ යෙදිල ඉන්න සිසුන් හමුවෙන එක. සන්නස්ගල මහත්මයට ඒ ගැන අහන්නත් බැරි වුණා. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් අහනවා මේ රටේ අධ්‍යාපනය විකුණන එකට විරුද්ධව ගන්නෙ මොන වගේ පියවරක් ද කියල. දැට සත්‍යග්‍රහණයේ යෙදිල ඉන්න ඒ සිසුන් හමුවෙන්න අධ්‍යාපන ඇමතිතුමා යන්නෙ කවද විතර ද කියල? මොකද අධ්‍යාපනය විකුණන්න පිඹුරුපත් සකසපු අය ම අද ඒ සිසුන්ට වගේ ම නව ආණ්ඩුවටත් කෝචොක් කරනවා. ඒක හොඳ ප්‍රවණතාවයක් නෙවෙයි.

මේ වෙද්දි ඉන්ධන මිල සෑහෙන ප්‍රමාණයකින් පහත දමල. නමුත් භාණ්ඩ මිල පහත වැටිල නැහැ. මේකත් සන්නස්ගල මහත්මයට අහන්න අමතක වුණ ප්‍රශ්නයක්. අපි දන්නව කිසියම් වෙළෙඳ භාණ්ඩයක් අලෙවිය සඳහා මිල නියම කරන්නෙ එහි සම්පූර්ණ පිරිවැය එකතු කරල කියල. එතනදි ප්‍රවාහන ගාස්තුවත් අනිවාර්යයෙන් ම එකතු වෙනවා. එහෙම නම් දැන් ඉන්ධන මිල පහත වැටුණ වෙලාවෙ අනිවාර්යයෙන් ම භාණ්ඩ මිල පහත වැටෙන්න ඕන.

නමුත් තවම එහෙම වුණේ නැහැ. උදාහරණයක් විදියට ත්‍රී රෝද රථ ගාස්තුව බලන්න. එදා 167 ට තිබුණ පැට්‍රල් ලීටරය දැන් 117 දක්වා පහත වැටිලා. නමුත් ත්‍රී රෝද රථ ගාස්තුව අඩු කරේ නැහැ. එහෙමනම් ඒ වාසිය අත්වුණේ ත්‍රී රෝද රථ හිමියන්ට සහ කුලී රථ රියදුරන්ට විතරයි. සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති කියනව නිසියාකාර වැඩපිළිවෙළක් සැකසුවොත් විතරයි ගාස්තු අඩු කරන්න පුළුවන් කියල.

හොඳට මතක තියාගන්න මේ සභාපති මහින්ද රාජපක්ෂට හොදට කඩේ ගියපු හාදයෙක්. ඉතිං මේ හාදයට කැමති කැමති විදියට තීරණ ගන්න දෙන්න එපා කියල මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ විතරක් නෙවෙයි හැම වෙළෙඳ ක්ෂේත්‍රයක ම මහින්දවාදියො තවමත් අරක්ගෙන ඉන්නවා. ඔවුන් ජනතාවට සහන නොදී දිගටම තමන්ගෙ ඒකාධිකාරිය පවත්වාගෙන යාමෙන් වෙන්නෙ ජනතාවට ලැබෙන්න තිබෙන සහන කිසිවක් ඔවුන්ට නොලැබෙන එක.

සන්නස්ගල මහත්මයට අමතක වුන ප්‍රශ්න තව ගොඩක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම දැන් අහන්න බැරි නිසා මේ අත්‍යාඅවශ්‍ය ප්‍රශ්න ටික විතරක් යොමු කරන්නම්.

ඔබතුමාට බොහොම ස්තුතියි.


මීට

ගයාන් නානායක්කාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us