පත්තිරුප්පුවේ සිට ජාතිය අමතන්න බලාසිටි පෙරටුගාමින්ගේ පසුගාමීත්වය

Monday, 19 January 2015 12:52

ශ්‍රි ලංකා “ප්‍රජාචන්ත්‍රවාදී’’ සමාජවාදි ජනරජයේ හත්වෙනි ජනාධිපතිවරණය තිබුණෙ පසුගිය අටවෙනිදා. නවවෙනිද උදේ ඉදල නම් යන්තං “ප්‍රජාතන්ත්‍රවාදය’’ ලැබුණ කියල හිතන්න පුළුවන් තත්ත්වයක් උදා වුණා. ඒ වුණාට ඒකත් තාම හරියට විශ්වාස නැහැ. මේ ගැන මගේ මිත්‍රයෙක් එක්ක කතා කරාම කිව්වෙ නම් ‘මෛත්‍රී, මහින්ද වෙන්න තව ටික කාලයක් යාවි. ඊට ඉස්සෙල්ල කරන දෙයක් කරගන්න’ කියල.

මම කිව්වෙ ‘නෑ නෑ ඒහෙම වෙන ඒකක් නෑ’ කියල. ඒතෙකාට මිත්‍රය කිව්වෙ ‘ඒහෙම නොවුනත් ඒහෙම කරන්න පුළුවන් කටිටියක් දැන් මෛත්‍රීපාල ජනාධිපතිවරය වටේ කැරෙකනව’ කියල. බලාගෙන ගියාම ඒකත් ඇත්ත. ඒහෙම ගතියක් නං පේන්න තියෙනවා. ඒ ගැන කතාකරන්න හිතාගෙන තමයි මේක ලියන්න ගත්තෙ. නමුත් ඒ කාරෙණ් පස්සට තියල ඊට ඉස්සරවෙලා යම් දෙයක් කිව්වොත් හොදයි කියල හිතුණා.

සිද්ධිය මේකයි...

පසුගිය සතියෙ ‘ජනරළ’ පත්තෙර් “හැංගි හැංගි වෙස් බැන්ද සබයේ තිරය පිටුපස නාඩගම’’ කියල ලිපියක් පළ වෙලා තිබුණා. ඒක ආරම්භ කරල තිබුණෙ මෙන්න මෙහෙම...

“ගිය සතිය දේශපාලන කරළියේ බොහෝ නාට්‍ය රගදැක්වුණු සතියක්. පසුගිය බ්‍රහස්පතින්දා, 8 වැනිදා ලංකාවේ 7 වැනි ජනාධිපතිවරණය පැවැත්වුණා. ඒහි ප්‍රතිඵල ආවෙ ජනවාරි 9 වැනි සිකුරාදා. ඒතැන් සිට මේ ගෙවුණු සතිය තුළ සිදුවුණේ මොකක්ද? සිදු වූ බොහොම දේ ගැන ප්‍රවෘත්ති නිකුත් වුණේ අඩුවෙන්. වැඩිපුර තිබෙන්නේ ඕපාදූප. අපට ඕපා දුප ගැන කියන්න පිටුවක් වෙන් කරන්න බැරි වුණත් ඒ ඕපාදුප පිටිපස තිබෙන දේශපාලන කතාව ගැන අදහසක් ගනන මේ ඉඩ වෙන් කරන්න පුළුවන්’’

දැන් මෛහම කියපු මේ ලේඛකයා සමස්ත ලිපිය පුරාම ලියල තියෙන්නෙත් ඒ ඕපදූප ම තමයි. කෙටියෙන් ම කියනව නම් පසුගිය සතිය (9 සිට 14 දක්වා) පුරා ම සිදුවෙච්ච දේවල් ම තමයි. ආයෙ අමුතුවෙන් මොකවත් ම ඒ ලිපියෙ නැහැ. හැබැයි පෙරටුගාමින් අවසාන මොහොතෙ වේදිකා ගතකරපු නාට්‍ය අසාර්ථක වෙච්ච ඒක ගැන හිතේ අමාරුවෙන් වගේ මෙන්න මෛහම දේකුත් ලියල තිබුණා. ඒකට පාදක කරෙගන තිබුණ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන අවනසාන මොහොතෙ සිද්ධවුණ කුමන්ත්‍රණය.

“මේ හැමෙදනාම කුමන්ත්‍රණයක් ගැන කීවත් ඒ ගැන තොරතුරු ඒකිනෙක වෙනස්’’

හැබැයි මේ වෙනස මොකක් ද කියල මේ ලේඛකය පෙන්වල දෙන්නෙ නැහැ. ඔහුට හෝ ජනරළට අනුව ඒහෙම කුමන්ත්‍රණයක් සිද්ධෙවලා නැහැ. මේක මේ අලූ‍ත් ආණ්ඩුවේ හිතළුවක්. තොරතුරු ඒකිනෙක වෙනස් කියල ලියන මේ ලේඛකය නිකමටවත් කල්පනා කෙළ් නැහැ මේ චෝදනාවලට ලක්වුණු ඒක ම පුද්ගලෙයක්වත් තමන්ට විරුද්ධව ඒල්ලෙවලා තියෙන චෝදනා වැරදියි කියල ප්‍රකාශ කරල නැහැ නේද කියල. ඒ චෝදනා අසත්‍යයනම් මේ චූදිතයන්ට පුළුවන් අධිකරණයට යන්න; තමන්ට අපහාස වුණා කියල නීත්‍යානුකුල පියවර ගන්න. නමුත් ඒ කිසිම දෙයක් නොකර ඇටිකෛහල් කාපු උගුඩුවො වෙග් ඉන්නෙකාට ඕනම මෝඩයකුට තේරෙනව මෙතන යම් කුමන්ත්‍රණයක් සිද්ධෙවලා තියෙන බව. හැබැයි වමේ විකල්පය වුන පෙරටුගාමීන්ට මේක තේරිලා නැහැ. මටනං හිතෙන්නෙ තේරිලා නැතුව නෙවේ. තේරුණත් නොතේරුණා වගේ ඉන්නව වෙග්. මොකද ඒගොල්ලො උත්සාහ කරේ ආයෙත් සැරයක් මහින්ද ජනාධිපති පුටුවෙ වාඩිකරවන්න. මොකද ඒගොල්ලො හිතුව දිගටම මහින්ද ජනාධිපති පුටුවෙ හිටියොත් ජනතාව විප්ලවයට පාරට බහීවි කියල...?

හැබැයි ඒ ලේඛකයම රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ප්‍රධාන කරුණු තුනක් සාකච්ඡා කරා කියල ලියනව. මේ බලන්න...

“මහින්ද රනිල් සාකච්ඡා කළ ප්‍රධානතම කරුණු තුන මේවා. ඒක, මහින්දව යුද අපරාධ පිළිබද ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉදිරිපත් නොකරන බවට යම් සහතිකයක් රනිල් දි තිබුණා. ඉන්පසුව සාකච්ඡා වි තිබෙන්නේ මහින්ද කළ වංචා, දූෂණ හා මුදල් අයථා ලෙස භාවිතා කිරීම උදෙසා දඩුවම් දීමේ හැකියාව පිළිබද. රට තුළ තිබෙන රාජපක්ෂ පවුලේ දේපළවලට අතවත් නොතියන්න රනිල් එහි දි පොරොන්දු වි තිබුණා. තුන්වැන්න රාජපක්ෂ පවුලේ ආරක්ෂාව. රනිල් ඒ ගැන සහතිකයක් මහින්දට දි තිබුණා.’’

දැන් මේ කාරණා ටික ගත්තම මෛත්‍රීපාල ජනාධිපතිවරයා නොදන්න බොහෝ කරුණු කාරණා ජනරළ දන්නවා. හැබැයි එයාලට ඒව ඔප්පු කරන්න පුළුවන් ක්‍රමයක් තියනව ද කියල නම් අපි දන්නෙ නැහැ. ඒ වෙග් ම අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් අහන්න කැමතියි ජනරළ මේ ලියපු දේවල් ඇත්ත ද? එහෙම නොවේ නම් ඒ සම්බන්ධෙයන් ඔබතුමා ගන්න පියවර මොකක් ද කියල. කොහොම වුනත් එතනදි රනිල් වික්‍රමසිංහ මහත්මය මහින්ද රාජපක්ෂගේ සහ පවුලේ ආරක්ෂාව පිළිබද සහතිකයක් දුන්න නම් ඒක ඉතා හොද දෙයක්. මොකද ගඩාපිට වෙච්ච දේ මහින්ද රාජපක්ෂට වෙනවට අපි කොහොතත්ම කැමති නැහැ. එයා කරපු වැරදිවලට දඩුවම් දෙන්න බැරි වුණත් අපි එහෙම ම්ලේඡ්ඡ වෙන්න හොද නැහැ කියලයි අපිනං හිතන්නෙ.

ඊළගට මේ ලේඛකයට හෝ ජනරළට එහෙමත් නැත්නම් පෙරටුගාමින්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වශෙයන් අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් නොදීම. ඒ ගැන ජනරළ මෛහම ලියනවා.

“සාමාන්‍යෙයන් ජනාධිපතිවරයා දිවුරුම් දීම සිදුවන්නේ අගවිනිසුරුවරයා ඉදිරියේ වුනත් මහින්දගේ හිතවතකු ලෙස සැලෙකන මොහාන් පිරිස් ඉදිරියේ දිවුරුම් දිමට මෛත්‍රි සමග එක්වූ දේශපාලන පක්ෂ කැමති වුණේ නැ’’

මෙතනදි හිතෙන දෙයක් තමයි පෙරටුගාමීන්ල මෙතෙක්කල් හිටියෙ මේ රටේ නොවෙයි ද කියන ප්‍රශ්නය. මොකද ඒගොල්ලන්ට මොහාන් පීරිස් කියන්නෙ මහින්දෙග් හිතවෙතක් විතරයි. ඒහෙම නැතුව මොහාන් පීරිස් කියන අගවිනිසුරුවරයා ඒ නිලයට පත්වුණේ නිත්‍යානුකුල නොවන තත්ත්වයට බව මේ අයට මතක නැහැ. ඔහු මේ රටේ සැබෑ අගවිනිසුරුවරයා නොවෙයි කියන ඒක පෙරටුගාමින් දන්නෙ නැහැ.

මොහාන් පීරිස් කියන්නෙ කුස්සිය පැත්තෙන් ගිහින් මහින්දට ගොට්ට අල්ලල අගවිනිසුරු පදවිය ගත්ත දූෂිතෙයක් බව දන්න නිසා ම තමයි මෛත්‍රිපාල ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මොහාන් පීරිස් ඉදිරියේ දිවුරුම් නොදුන්නෙ. මේ පිළිබදව ඔවුන් දිවුරුම් දීමටත් පෙර ප්‍රකාශ කර තිබුණා. නමුත් පෙරටුගාමින් ඒ කිසිවක් නොදන්න ගානට මොහාන් පිරිස් කියන්නෙ මහින්දගෙ හිතවෙතක් විතරයි කියන තැනට ලඝු කරන්නෙ හරියට තොත්ත බබාලා වගේ.

ඇත්තට ම මේ අය පෙරටුගාමින් ද ආදිකල්පිත යල්පිනු අදහස් මත යැපෙන්නෝද කියලත් හිතෙනවා. මේ බලන්න මේ කොටස...

“සාමාන්‍යයෙන් පත්තිරිප්පුවේ සිට ජාතිය ඇමතීම රාජ්‍යජ්‍යත්වයේ සංකේතයක් ලෙස හැඟෙනවා. ඊට අමතරව පත්තිරිප්පුව බෞද්ධ ආගමික සංකේතයක්.’’

මේවට තමයි කියන්නෙ ‘කන්න හිතුණාම කබරෙගායත් තලෙගායා’ වෙනව කියල. පෙරටුගාමින් තවමත් ඉන්නෙ රාජණ්ඩු ක්‍රමය ඔළුවෙ තියාගෙන. ඒ වෙග් ම බෞද්ධාගම කියන දේත් ඔලූ‍වෙ තියාගෙන. මම පෙරටුගාමින්ගෙන් අහන්න කැහමතියි හදිසියේවත් දුමින්ද නාගමුව ජනාධිපත් වුණානම් (අනේ හිනාවෙන්න නම් ඒපා) එයත් පත්තිරිප්පුවට නැඟලද ජනතාව අමතන්නෙ කියල. හදිසියේවත් එහෙම ඇමතුවානම් ඉතිං ඔයාලත් රාජාණ්ඩු ක්‍රමය හොදයි කියන තැනම ඉන්න පිරිසක් කියල විප්ලවයට සහයෝගය දුන්න ජනතාව කියාවි නේද?

මේ ලියුම්කරුට අනුව නම් පත්තිරිප්පුව කියන්නෙ මිනිසුන්ට දඩුවම් දෙන්නත්: ඒ කියන්නෙ රජතුමා පත්තිරිප්පුවෙ ඉඳගෙන සුරා පානය කරමින්ම කාන්තාවකගේ බෙල්ලෙ ගල්ගැටගහල බෝගම්බර වැවේ ගිල්ලවන්නත්, තවත් දරුවකුගෙ හිස ගසා දාන්නත්, තවත් දරුවකු වංගෙඩියට දාල කොටන්න කියල ඒ දරුවගේ අම්මට ම අණ කරන්නත් පුලූ‍වන් ඒ වගේම දසරාජ ධර්මෙයන් රට පාලනය කරනව කියල රටේ ජනතාව අමතන්නත් පුළුවන් තැනක්. කොහොමද වැඬේ නේ ද? ඉතිං ඒහෙම තැනක ඉදං ජාතිය ඇමතුවෙ නැහැ කියල සමාජවාදි සමාජයක් හරහා කොමියුනිස්ට්වාදය බිහි කරන්න උත්සාහ කරන පක්ෂයකට හරියට හිතට අමාරුයි. අනේද කාලේ වෙන් ද වාසේ කිව්වලූ‍ නේද?

කඩා ගන්න බැරි වුණාම මිදි තිත්තයි කියල නරිය කිව්ව ලූ‍. කපන්න බැරි අත ඉඹිනව වගේ කියලත් අපේ කියමනක් තියනවා. ඒ වගේම පෙරළුණ පිට හොදයි කියලත් කියමනක් තියෙනවා. එන එන පැත්තට ගහ උලළුවස්සා කියලත් කතාවක් තියනවා. පෙරටුගාමීන් කියන්නෙ මෙන්න මේ කියමන් හරියට ම අකුරට ම පිළිපදින ක්‍රියාත්මක කරන පසුගාමී පිරිසක් කියල දැන් ඔයාලට වැටෙහනවා ඇති නේද...?

ගයාන් නානායක්කාර - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Last modified on Monday, 19 January 2015 14:34

Leave a comment

Gossip

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !   

අපි කිව්වා හරි.. සජිත් - නාමල් ගිවිසුම, ඉරාජ් හෙලිකරයි !  

'සජිත්ව ගොඩදාලා දෙන්න..නාමල්, ඉරාජ්ව සජිත්ගේ සහයට යවයි, යනුවෙන් අප විසින් හෙළිකළ සත්‍යය ඉරාජ් විසින්...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us