ඊයේ පාන්දරත් රාජපක්ෂ පුත්තු පිළියන්දල රේස් පැදලා. තවත් රේසිං කාර් ලොකුගේ ගාව Featured

Monday, 19 January 2015 11:01

ඊයේ(18) පිලියන්දල ප්‍රදේශයෙන් ජනාධිපති පුත්‍රයකුට අයත් රේසිං මෝටර් රථයක් හමු වීමෙන් පසුව පසුගිය දින කිහිපයේදී පිළියන්දල ජාලියගොඩ සිට කැස්බෑව දක්වා අලුතෙන් සකස් කර ලද නව හරස් මාර්ගයේ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍පැවැත්වුනු මොටර් රථ තරග ‍අද පාන්දර ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍පැවැත්වූයේ නැතැයි එම ප්‍රදේශ වාසීහු පවසති.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයන් හා ඔවුන්ගේ මිතුරන් වාහන හත අටක් පමන ‍රැගෙන මෙම සෙල්ලම දින කිහිපයක් තිස්සේ කරමින් සිට ඇත.

පසුගිය දිනවලදී රාත්‍රී 12 ට පමණ ආරම්බ වන මෙම තරග පාන්දර 5 පමන වනතුරු පැවැත්වූ බවත් එම රථවල ඝෝෂාව නිසා එම පාර දෙපස කිසිවකුට හරි හමන් නින්දක් ලැබීමටත් නොහැකි වූ බවත් ඒම ප්‍රදෙශවාසීන් පවසයි.

එමෙන්ම පසුගිය දිනක එක් රඨයක් විදුලි පහන් කණුවක වැදී එම කණුව විනාශ වූ බවත් ඒ ඊට පහුවෙනිදා කඩිමුඩියේ සකස් කල බවත් මෙම මොටර් රඨ පැදීමට පෙර මධ්‍යම රාත්‍රියේදී සේවක කණ්ඩායමක් පැමිණ මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන බවත් ඔවුන් පවසයි.

මේ අතර ඊයේ අරේසිං මොටර් රථයක් හමුවීමෙන් පසුව තවත් මොටර් රථ ගනනාවක් පාර්ලිමේන්තු මන්ත්‍ර ගාමිණි ලොකුගේ මහතාගේ පිලියන්දල කොට්ටාව පාරේ නිවසේ ගාල් කර ඇති බවටත් රාජපක්ෂ පුතුන් එම නිවසේ ගැවසෙන බවත් තොරතුරු හෙළිව තිබේ.

මේ නිවස ජාතික රූපවාහිනියේ මාධ්‍ය කණ්ඩායක් සමඟ ගොස් පරික්ෂා කිරීමට පොලීසිය සූදානම් වූවත් තමන්ගේ ගෙදර පැත්ත පලාතේ ආවොත් මං අමතන හැටි දන්නවා යැයි තර්ජනයක් පොලීසියටත් ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියකුටත් දුරකතන ඇමැතුම් ලබා දෙමින් ලොකුගේ මහතා පැවැසූ බව එම මොහොතේ ලොකුගේ මහතාගේ නිවසේ සිටියකු අප වෙත දැන්වීය.‍

Last modified on Monday, 19 January 2015 12:22

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us