මෛත්‍රී ආගමනය සහ රාජපක්ෂගේ නික්ම යෑම

Friday, 09 January 2015 10:59

නිලන්ත ඉලංගමුව

අඳුරු යුගය නිමා වී අභියෝගාත්මක නව යුගයකට අපේ මාතෘ භූමිය පැමිණ සිටින්නීය. කාලගුණය මෙන්ම අවට පරිසරය යළිත් නැවුම් වී ඇත.

  බලාපොරොත්තු මෙන්ම හීන යළි ඉපදී ඇත. නැවුම් බලාපොරොත්තු වලින් කියැවෙන මීළඟ අභියෝගය වූ කලී ඉපදීමට සිටින දරුවා පවාලක්ෂ හතරකට අධික ණයකාරයෙකු කළ අවභාවිතය විසඳීම සහ අගතියට පත් අහිංසක මිනිසුන්ට සාධාරණය ඉටු කිරීමයි.

සිංහල පමණක් නොව මුස්ලිම් මෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමල වැසියන් තම කැමැත්ත  පළ කරමින් සඳහන් කළේ මෙයයි. ඔවුන්ට එරෙහි අපරාධ කළ වුන් නීතිය හමුවට ගෙන ඒම මෙන්ම , ඔවුන්ගේ ආත්මීය තුවාල සුවපත් කොට ඔවුන්ට ජීවය ලබා දීම ජයග්‍රහණයේ ඇති සැබෑ අභියෝගයයි. එය අපි මීළඟට අතට ගත් යුතු සටනයි.

මැතිවරණය නිමා වී ඇත. අපේක්‍ෂා කළ පරිදිම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වී ඇත. ජයගැනීම වූ කලී විශාල අභියෝගයක් නිවැරදිව කළමනාකරණය කිරීමේ කෞශලයයි. රටේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය කිසිඳු සැකයකින් තොරව සිදුකළ පූර්ව විනිශ්චයන් සහ යාන්ත්‍රිකව ඇතිකිරීමට ගිය මතවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත් වී ඇත. ඔවුහු සැබවින්ම මෙහිදී ජාතියට තම අව්‍යාජ කණගාටුව ප්‍රකාශ කළ යුතුව ඇත. මන්ද එය ඔවුන්ගේ රැකියාව රැකගැනීම ගැනීම පිළිබඳ වූ මූලික ගැටලුවක් පමණක් නොව ජාතියක් මුලාවේ හෙලීමට ගත් වෑයමක් පිළිබඳ වන ගැටලුවකි. ඔවුන්ගේ සියලුම සිහින අසාර්ථක වූයේ ඔවුහු සියල්ලටම තමන් ගැන යළිත් සිතා බැලීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරවමිනි. මෙය ඉතා යහපත් සමාජ පෙරළියකි.  

ඒ අනුව,  මෛත්‍රිපාල සිරිසේන මහතා නව ජනාධිපතිවරයා ලෙස තෝරා ගෙන තිබේ. මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාව තම දේශපාලන අවකාශය තුළ ලබා ගත් බලවත්ම දේශපාලන තීන්දුව වන්නේ මෙයයි. අභියෝගාත්මක දේශපාලන තීන්දුව වන්නේ මෙයයි.

රාජපක්ෂ මහතා පරාජය වුයේය. ඔහු එය පිළිගත්තේය. එසේම ඔහු තමන්ගේ ධූර කාලය තුළදී කළ සියලුම දෑ වල වගකීම බාරගත යුතුව ඇත. ඔහුගේ සාමකාමී නික්ම යෑම අගය කළ යුතු කාරණයකි. ඔහු එම මොහොතේ හෝ “බුද්ධිමත්ව” හැසිරීම ඔහුගේ මීළඟ පරම්පාරාවේ දේශපලනය වෙනුවෙන් අතිශය වැදගත් වේ. නමුත් ඔහු ජාතිය මතා කතා කොට එය ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබුණේ නම් සැබවින්ම අගය කළ යුතු කාරණයකි.  ඔහු එය ඉදිරියේදී කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

මේ අතර, ඔහුගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා, ජංගම දුරකතථයට එවනු ලැබූ පණිවිඩයකින් කියනු ලැබුවේ, “ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදයට” තමන් ගරුකරමින් උදව්කළ සැමට සතූතිය පළ කරනු ලබන බවයි. ඔහුගේ කෙටි පණිවිඩය ඉතා ප්‍රභලය.  ඔහුගේ සැබෑ දේශපලාන ගමන ආරම්භ වූවා පමණි. සැබවින්ම ඔහු යායුතු ගමන කෙතරම් දීර්ඝ වුවද ඔහු අතිශය බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇත.

පරාජයට නිල වශයෙන් භාරගැනීමෙන් පසු මහින්ද රාජපාක්ෂ මහතා තම බලය සාමකාමිව භාරදීම සඳහා තීන්දු කළ අතර ඔහු අද උදෑසන අරලියගහ මන්දීරයෙන් නික්ම ගියේය. 2010 මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ගත් වඩාත් ගෞරවනීය මෙන්ම අගය කළ යුතු එකම තීන්දුව වූ කලී මෙයයි. එම තීන්දුව ගැනීමට පෙර ඔහු තමන් විශ්වාසය තබා සිටි සියලු හදි හූනියම් වලින් ඉවත් වූයේනම් ඒ ගැන පුදුමයක් නැත. ඔහුගේ බලය  ව්‍යාකූල කිරීමේ බලවත් කටයුත්තක් කරනු ලැබුවේ එම අන්ධ විශ්වසයන් සහ එමඟින් ප්‍රකොටේ ගණන් හම්බ කළ ඔහුගේ “මිතුරන්ය”.

අවසාන මොහොතේදී හෝ තමන විශ්වාස කළ  එම බමුණු මතවලින් ඉවත් වීම පැසසිය යුතු කාරණයකි. නමුත් ඔහුට විශාල වගකීමක් පැවරේ. වසර 10ක් පුරා සිදුකළ සියලු දේශපාලන කටයුතුවල වගකීම ඔහුට පැවරේ. එසේම ඔහුට අදාළ තීන්දු ගැනීම සඳහා බලපෑම් කරනු ලැබූ සියලුම අයවලුන් සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට අනුකූලව නීතිමය වශයෙන් කටයුතු කිරීම වැදගත් වේ. එම සියලු ක්‍රියාවලීන් ජනතාවට විනිවිධ විය යුතු අතර ඒවා සියල්ලම සෑම දෙනෙකුටම කියවීමට හැකි පරිසරය නිර්මාණය කළ යුතුය. 

මෙය සිදු කිරීමේ ඉතා වැදගත් පියවරක් නම් හිටපු ජනාධිපති රාජපක්ෂ  විසින් අත්තනෝමතිකව අධිකරණ පද්ධතියට කළ අතවරය මැනවින් ලිහා බැලීමය. එනම් ඔහු සිදු කළ පත් වීම් ආදී සියලුම ආකාරයේ දෑ නිවැරදිව ඉතාම කෙටි කාලයක් තුළ බුද්ධිමත්ව විසඳීම වැදගත් වේ.

හෙට නව ජනාධිපතිවරයා දිවුරුම් දීමට නියමිතය. ඉන් පසු අගමැතිවරයා වශයෙන් රනිල් පත්කරමින් නව කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇත. ඒ ඉරිදා දිනයේදීය. ඉන් පසු ජාතික උපදේශ සභාව පත් කරනු ඇත. ජාතික උපදේශක සභාවට සතියක කාලයක් ඇත. එනම් 19 වැනි සඳුදා දිනයේ පාර්ලිමේන්තුව කැඳවනු ඇත.  ඒ ආකාරයේ අප්‍රේල් 20  දක්වා නිශ්චිත න්‍යාය පත්‍රයක් නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තිබේ.

අප්‍රේල් 20 වැනි දින රටේ දශක ගණනාවක් තිස්සේ තිබු දේශපාලන අත්තනෝමතික මූල බීජය හෙවත් නියම හූනියම ඉවත් කිරීමට නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟ වී ඇත. ඒ අනුව අප්‍රේල් 20 වැනි දින විධායක ජනාධිපති ධූරය නීතියට යටත් තනතුරක් බවට පත්කරනු ඇත. රටේ ශාපය ඉන් ඉවත්වනු ඇත. රටේ සියලුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන වනු ඇත. මෙම සිදුවීම වූ කලී මා පුරවැසියෙකු ලෙස මේ මාතෘභූමියේදී අත් දකින ඉතා  තීරණාත්මක සහ ප්‍රසංසනීය කටයුත්ත වනු ඇත.  

ඉන් පසු අප්‍රේල් මස 23 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ මහමැතිවරණය කැඳවනු ඇත.  ඉන් දිනන පක්ෂයට මීළඟ ආණ්ඩුව පිහිටුවීමේ වරම් ලැබේ. අගමැතිවරයා විධායකය ලෙස පත්වන අතර ජනාධිපති නාමික විධායකයක් බවට පත්වනු ඇත.

අපේ මාතෘභූමිය තුළ සිදුවන මහා දේශපාලන පෙරළිය මෙයයි. එම ඓතිහාසික මොහොතේදී මෙය දෙස සිහිබුද්ධියෙන් බැලීම අනිවාර්ය වේ. ජයග්‍රහණය වූ කලී සාමුහික කැපකිරීම ප්‍රතිඵලයකි. ඊට බොහෝ දෙනෙකු දායක වූ බව ඉතා පැහැදිලි කාරණයකි.

මෙම අග්‍රගණ්‍ය සාමුහිකත්වය තබා ගැනීමත් පෙර වැරදි වලට රට තල්ලු වීමට ඉඩ නොදීමත් තීරණාත්මක වේ. එසේම නව ආණ්ඩුව තුළ සිටින්නේ මීට පෙර බලය එකවරක් හෝ භාවිතා කළ පිරිස්ය. ඔවුහු ඉතා මැනවින් රටේ සහ ලෝකය සිදුවන්නේ මොනවාද, තමන්ට බලය තිබුණ කාලය තුළ මඟ හැරුණු දෑ මොනවාද යන්න ගැන මනා අවබෝධයක් තිබේ.

මේ නිසා ජයග්‍රහණය මැනවින් කළමනාකරණය කිරීම සහ මාතෘ භූමියට අහිමි වූ ගෞරවය යළි ලබා දීම සියලු දෙනා හමුවේ ඇති භාරදූර වගකීම වේ. ජයග්‍රහණය වූ කලී සැබෑ අභියෝගයකි. යා යුතු මාර්ගය ඉතා කටුක සහ දීර්ඝ එකකි. ඊට අවශ්‍ය බලය, ශක්තිය, බුද්ධිය මෙන්ම වාසනාව ජයග්‍රාහකයාට තිබේ. එය නිවැරදිව භාවිතා කිරීම මේ මොහොතේ මාතෘ භූමියට ඇති එකම සිහිනයයි.

ගරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාණෙනි, ඔබ ඉතා සාමකාමිව බලය හුවමාරු කරමින්, අවසාන මොහොතේ හෝ ඉතා ගෞරවාන්විත ලෙස හැසිරීම ගැන යළිත් කෘතඥ  වෙමු.  

ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමනි, අනෙකාගේ ගැරහුම සහ අපහස කිරීම් මධ්‍යයේ ලබා ගත් ඔබේ ජයග්‍රහණය පිවිතුරු එකකි. ඔබ සතුව දැන් බලය තිබේ, එය තාවකාලිකය. ඔබ රැක ගත යුත්තේ බලය නොව පවිත්‍ර චරිතයයි. අපේ මාතෘභූමියට සැබෑ නායකයෙකු ලැබීම ගැන ආඩම්බර වීමට හැකි පැරිදි ඔබ හැසිරෙනු ඇතැයි විශ්වාශ කරමු. අපි ඔබට සුභ පතන්නෙමු.

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us