වසරේ වැඩිම අදායම් ලැබූ බොලිවුඩ් චිත්‍රපටි

Published in අනං මනං
Monday, 29 December 2014 11:20

මේ වසරේ බොලිවුඩයේ වැඩිම ලාභ ලැබු චිත්‍රපට අතර මුල්තැන දිනා ගැනීමට 'කික්' චිත්‍රපටය සමත්ව ඇත. 'කික්' චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 233ක ආදායමක් උපයා ගැනීමට සමත් විය. නිෂ්පාදන පිරිවැය අතහැර මෙම චිත්‍රපටය ලැබු මුළු ලාභය ඉන්දීය රැපියල් කෝටි 118කි.

නමුත් බොලිවුඩ් සිනමාවට සම්බන්ධ 'කොයි මෝයි' වෙබ් අඩවිය සඳහන් කරන්නේ 'කික්' චිත්‍රපටයට වඩා වැඩි ලාභයක් 'ෆැන්ටොම් පික්චර්ස්' සමාගම විසින් නිෂ්පාදනය කළ 'ක්වීන්' චිත්‍රපටය හිමිකර ගැනීමට සමත්ව තිබෙන බවය. ඔවුන් පෙන්වා දෙන්නේ 'ක්වීන්' චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් වැය ඉතා කෙටි කාලයකදී ඉන්දීය රැපියල් කෝටි 61ක ආදායමක් උපයා ගැනීමට සමත් වීම නිසා මෙම චිත්‍රපටය මේ වසරේ වැඩි ලාභයක් ලැබු චිත්‍රපටය බවට පත්ව ඇති බවය.

ටී සිරීස් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් ලෙස මේ වසරේ ප්‍රදර්ශනය වු යාරියාන් චිත්‍රපටයට වැඩි ලාභ ප්‍රතිශතයක් පෙන්වු චිත්‍රපටයකි. ඉන්දීය රැපියල් කෝටි 12ක් වැය කරමින් නිර්මාණය වු මෙම චිත්‍රපටය තිරගත වු කාලයේදී ඉන්දීය රැපියල් කෝටි 41ක මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. මෙහි ලාභ ලැබීම ප්‍රතිශතය 233% කි. ධරම් ප්‍රඩක්ෂන් ආයතනයෙන් නිෂ්පාදනය කළ '2 ස්ට්‍රාටේස්' චිත්‍රපටයද මේ වසරේ වැඩිපුර ලාභ ලැබු චිත්‍රපටයකි. ඉන්දීය රැපියල් කෝටි 35ක් වැය කරමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය තිරගත වු කාල සීමාවේදී උපයාගත් මුදල ඉන්දීය රැපියල් කෝටි 104කි. එහි ලාභ ලැබීම ප්‍රතිශතය 197% ක් බව සඳහන් වේ.

බලාජි මෝර්ටන් පික්චර්ස් සමාගමේ නිෂ්පාදනයක් වු 'ඒක් විලන්' චිත්‍රපටය මේ වසරේ ඉන්දීය රැපියල් කෝටි 105.5ක මුදලක් උපයාගත් චිත්‍රපටයකි. නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දීය රැපියල් කෝටි 40ක මුදලක් වැය කොට තිබුණ අතර, මෙහි ලාභ ලැබීම ප්‍රතිශතය 164% කි. බලාජි මෝර්ටන් පික්චර්ස් සමාගමේම නිෂ්පාදනයක් වු 'රාගිනි එම්. එම්. එම්' චිත්‍රපටයද මේ වසරේ ලාභ ලැබු චිත්‍රපටයකි. ඉන්දීය රැපියල් කෝටි 47ක ආදායමක් උපයාගත් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා වියදම් වි ඇත්තේ ඉන්දීය රැපියල් කෝටි 19කි. මෙහි ලාභ ලැබීම ප්‍රතිශතය 147% ක් බව මෙම වෙබ් අඩවිය සඳහන් කර සිටියි.

නදිඩ්වාලා එන්ටර්ට්‍රේට්මන්ට් සමාගම විසින් නිෂ්පාදනය කළ 'හීරෝපාන්ති' චිත්‍රපටයද මේ වසරේ වැඩි ලාභයක් ලැබු චිත්‍රපටයකි. ඉන්දීය රැපියල් කෝටි 30ක ලාභයක් ලැබු මෙම චිත්‍රපටයේ ලාභ ලැබීම ප්‍රතිශතය 120% කි. එමෙන්ම ධරම් ප්‍රඩක්ෂන් ආයතනයේ නිෂ්පාදනයක් වු 'හැම්ෆ්ටි ෂර්මා කී දුල්හානියා' චිත්‍රපටයද 119% ක ලාභ ප්‍රතිශතයක් ලබා තිබේ. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දීය රැපියල් කෝටි 35ක් වැය කොට තිබුණ අතර, තිරගත වු කාල සීමාවේදී මෙහි ලැබු ආදායම ඉන්දීය රැපියල් කෝටි 76.81කි.

යශ්රාජ් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වු 'මර්දාණි' චිත්‍රපටයද ඉන්දීය රැපියල් කෝටි 19ක ලාභයක් ලැබු චිත්‍රපටයකි. මෙහි ලාභ ලැබීම ප්‍රතිශතය 112% ක් බව සඳහන් වන අතර, චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දීය රැපියල් කෝටි 17ක මුදලකුත් චිත්‍රපටය තිරගත වු කාල සීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 36ක මුදලකුත් මෙම චිත්‍රපටය උපයා ගැනීමට සමත් විය.

වැඩි ලාභයක් ලැබුවද 'කික්' චිත්‍රපටයේ ලාභ ලැබීම ප්‍රතිශතය 103% ක් වන අතර, හරි ඕම් ප්‍රඩක්ෂන් ආයතනය විසින් නිෂ්පාදනය කළ 'හොලිඩේ' චිත්‍රපටයේ ලාභ ලැබීම ප්‍රතිශතය 101% ක් ලෙස සටහන් වේ.

මේ වසරේ වැඩි ආදායමක් උපයාගත්තද 'ජායි හෝ', 'ගුන්ඩේ', 'බැන්ග් බැන්ග්', 'හැෆි නිව් ඉයර්', 'සිංගම් රිටන්ස්',මාරි කොම් සහ ඇක්ෂන් ජැක්සන්, චිත්‍රපට හිතු තරම් ලාභයක් උපයා ගැනීමට අපොහොසත් විය.

gueen

Yaariayan

ek-villan

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us